පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කරන දැවැන්ත විරෝධතාවයක් අද පස්වරු 2.00ට කොළඹදී පැවැත්වීමට සැලසුම්කර ඇත.


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කරන දැවැන්ත විරෝධතාවයක් අද පස්වරු 2.00ට කොළඹදී පැවැත්වීමට සැලසුම්කර ඇත.

මෙම විරෝධතාවයට රට පුරා සිටින සජබ පාක්ෂිකයින් දහස් ගණනක් සහභාගි කරවීමට කටයුතු යොදා තිබේ.

එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඡන්ද කල් දැමීමට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට සිය පක්‍ෂය සැලසුම් කර ඇති බවයි.



මහ පාරේ නිදියන බව සජිත් කියයි


ජනතාව ඉල්ලා සිටින මැතිවරණය ලබා නොදුන්නොත් මහපාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී අරගලයක් සිදු කර මැතිවරණය කෙසේ හෝ ලබා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කඹුරුපිටියේ දී පැවසීය.

රට විනාශ කළ රාජපක්ෂලා අරගලයකින් එලවා දැමුවත් ඉන්පසුව පත් වූ රාජපක්ෂ හෙවනැලි ආණ්ඩුව සහ රාජපක්ෂලාගේ රූකඩයක් වූ ජනාධිපතිවරයා නිසා ඔවුන් සුරසැප ජීවිතයක් ගත කර කර බවත් ඔවුන්ට තෙල් ප්‍රශ්න ආහාර මිල ඉහළ යාම ගැටලුවක් නොමැති වී ඇති බවත් මේ ජනාධිපතිවරයා නිසා ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සාමකාමී අරගලය යන්න ඉතා හොඳින් තමා පිළිගන්නා මුත් අරගල තුළින් ගෙවල් ගිනි තැබූ, මිනිසුන් ඝාතනය කළ, රාජ්‍ය දේපල විනාශ කළ ඇතැම් දේශපාලන පක්ෂ රටේ ඇති ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරනවා යැයි පැවසීම විහිළුවට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ යම් හෙයකින් මැතිවරණයක් නොදුන්නහොත් සාමකාමී අරගලයක් සඳහා සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පෙබවාරි 20 වැනි දා සිට මහ පාරේ ජන අරගලයක් ආරම්භ කර මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා එහි දී තවදුරටත් කියා සිටියේය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්