පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක පිහිටවනු ලැබූ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරිය යොදවන ලද පොලිස් නිලධාරීන් සියලුදෙනා තාවකාලිකව එම

රාජකාරියෙන් ඉවත් කරගන්නා ලෙස විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම විශේෂ පොලිස් පණිවිඩය නිකුත් කරනු ලැබ ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසිනි.

මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් එකොළොස් දෙනකු බැගින් යොමුකර සිටි බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මැතිවරණ ආරවුල් නිරාකරණය මධ්‍යස්ථානවලට අනුයුක්ත කරන ලද කාර්යමණ්ඩල තාවකාලිකව විසුරුවා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයකට අනුව ඒ සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ද තාවකාලිකව ඉවත්කර ගැනීමට පියවර ගත් බව එම නිලධාරියා කීය



මැතිවරණ කොමිසම වැඩ නවත්වයි !


තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කිරීමත් සමග ඉදිරි පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන්ට ලිපියක් යොමු කරමින් උපදෙස් මාලාවක් ලබා දී තිබිණ.

ඒ අනුව සියලු සේවකයින්ට එළඹෙන සඳුදා දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරී අත්හිටුවන බව දැනුම් දී ඇත.

ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සති අන්ත හා රජයේ නිවාඩු දින වසා දැමීමට කටයුතු කළයුතු බවද ලිපියේ දැක්වෙයි.

කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සතිඅන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුත්තේය.

දැනට සේවයේ යොදවා ඇති අනියම් සහයකයින් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළයුතු වෙයි.

කාර්යමණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බවද එම ලිපියේ සඳහන්ව ඇත.

කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් ආරක්ෂාව පිළිබඳ ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත බවත් එතෙක් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කරන ලෙසත්  එම ලිපියෙන් දැනුම් දී තිබිණ.

PHOTO 2023 02 19 14 12 36

 

PHOTO 2023 02 19 14 12 36 13

PHOTO 2023 02 19 14 12 353

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්