‘‘ඡන්ද විමසීම කල් ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ මරණ සහතිකය නිකුත් කරනවා වගෙ ඡන්දය කල් දැම්මා කියල කොමිසම ගැසට් නිවේදනය නිකුත් කරන එක විතරයි” යනුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද

දේශප්‍රිය ඊයේ (22) ගාල්ලේදි පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදින් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතරු දෙමිනි.

ඡන්දය කල් දැම්මේ කුමන හේතුවක් නිසාදැයි මාධ්‍යවේදින් විමසා සිටි අවස්ථාවේ ඔහු වැඩිදුරටත් කියා සිටියේ එයට හේතු හැටියට ‘‘කිව්.ආර්. සංකේතය නිසා ඉන්ධන නැහැ. මුදල් නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරල නැහැ, මුදල් ප්‍රශ්නය නිසා පොලිස් නිලධාරීන් දෙන්න බැහැ කියනවා’’ යනුවෙනි.

එයට අමතරව අත්‍යවශ්‍ය කාරණයකට හැර මුදල් දෙන්න බැරි බව මුදල් අමාත්‍යාංශය පවසනවා යැයිද කොමිසම පවසන බවද ඔහු කීය. ‘‘මෙය කොමිසමෙන් බැහැර කාරණයක් නිසා මේක කල් යන්නේ. මේකට වගකියන්න ඕන කවුද කියන්න මට බැහැ’’ යැයිද ඔහු කීය.

ඔබ කොමිසමේ සභාපති ලෙස සිටියා නම් මැතිවරණය පවත්වනවාදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කීය. ‘‘මම හිටියා නම් මම බැට් කරන හැටි දන්නවා. නමුත් මම දැන් එළියේ ඉන්නේ. ගහන්න ඕන කොහොමද කියල ඒ අයට කියන්න මට බැහැ. විකට් එකේ ඉන්න එක්කෙනා ඒක දැන ගන්න ඕන.”

(aruna.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්