ඉරිදා (26) දින ජාතික ජන බලවේගය විසින් කැඳවන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ දී

කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ කැස්බෑව පදිංචි දෙදරු පියකු වන අජිත් ගමගේ (46) මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

zsdfr3e

ජාතික ජනබලවේගය විසින් පසුගිය ඉරිදා (26) කොළඹදී පැවත් වූ විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් අනෙක් පුද්ගලයා වූ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) ජිවිතක්ෂයට පත්විය.

ඔහු මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිවිතිගල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් අපේක්ෂයෙකු ලෙස නාමයෝජනා භාරදී තිබිණ.

ඔහුගේ අවසන් කටයුතු හෙට (01) නිවිතිගලදී සිදුකිරීමට නියමිතය.

 

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්