පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පළ කරමින් සති අන්තයේ අගනගරයේදී දියත් කළ උද්ඝෝෂණයකට සහභාගී වූවකුට මරු කැඳවමින් එල්ල කරන ලද පොලිස්

ප්‍රහාරය දෙමළ ජනතා නියෝජිතයන් විසින්ද තරයේ හෙළා දැක තිබේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 26 වැනිදා පැවැති විරෝධතා උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන්  28 දෙනෙකු රෝහල් ගත කළ බව එම පක්ෂය නිවේදනය කර ඇත.

එලෙස රෝහල් ගත කළ ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි පෙබරවාරි 27 වැනිදා මියගොස් තිබුනි.

කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළ කැස්බෑව පදිංචි දෙදරු පියකු වන අජිත් ගමගේ (46) මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

zsdfr3e JDS

නිමල් අමරසිරිගේ මරණය සම්බන්ධයෙන් ට්ව්ටර් පනිවිඩයක් නිකුත් කරමින් ජාතික ජනබලවේගයේ සාමාජිකයන්ට සහ මිය ගිය නිමල් අමරසිරිගේ පවුලේ සාමාජිකයන්ට සිය බලවත් ශෝකය පළ කරන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් වැඩි දුරටත් පවසන්නේ විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රචණ්ඩත්වය තරයේ හෙළා දකින බවයි.

M A Sumanthiran

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද ට්ව්ටර් පනිවිඩයක් ඔස්සේ විරෝධතාකරුවන්ට එල්ල වු ප්‍රහාරය හෙළා දැක ඇත්තේ එය ම්ලේච්ඡ ප්‍රහාරයක් ලෙස හදුන්වමිනි.

" අවිහිංසාවාදීව හා ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරුණු NPP විරෝධතාකරුවන්ට එරෙහිව රනිල්ගේ තක්කඩි ආණ්ඩුව සහ ඔහුගේ පොදු  ජන පෙරමුණ ගජමිතුරන් විසින් පොලිසිය යොදාගෙන එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය, දෙමළ ජාතික පෙරමුණ කොන්දේසි විරහිතව හෙළා දකී."  

" 2005 තරම් ඈතදී දෙමළ ජනතාව විසින් රනිල්ව ප්‍රතික්ෂේප කරන ලද්දේ හොඳ හේතුවක් ඇතිවය." එම ට්ව්ටර් පනිවිඩයේ වැඩි දුරටත් සදහන්ය.


Gajen Ponnambalam
ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙබරවාරි 27 වැනි සදුදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේ මියගිය නිමල් අමරසිරි ගේ ජීවිතයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව භාර ගතයුතු බවයි.

විරෝධතාවයට එල්ල වු පොලිස් ප්‍රහාරය සහ එහි ප්‍රතිළුලයක් ලෙස සිදුවු ජීවිත හානිය පිළිබදව දකුනේ සිංහල ජනතා නියෝජිතයන් කිහිප දෙනකුම ආණ්ඩුවට විරෝධය පළ කර තිබුනි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්