leader s

වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට සම්බන්ධ සාමාජිකයෝ අද (මාර්තු 01වැනිදා ) රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල හා විරෝධතාවල නිරතවිය.


විරෝධතාකරුවන් ආණ්ඩුවට බලකර සිටියේ, රුපියල් ලක්ෂයට වඩා මාසික ආදායමක් ලබා ගන්නා වෘත්තිකයින්ගේ වැටුප් මත 6% සිට 36% දක්වා බදු අය කිරීමේ ක්‍රමය වහා හකුලා ගන්නා ලෙසය.

නව ආදායම් බදු පනත සංශෝධනය කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථා ගණනාවකදී වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතා පැවැත්වු අතර රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා හමුවූවද එහිදී එකඟතාවකට පැමිණීමට නොහැකි විය.

අද පැවති වැඩ වර්ජනය අසාර්ථක බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්