ආණ්ඩුවේ වගකීම්වලින් ඉවත්වී ස්වාධිනව කටයුතු කරමු යයි පොහොට්ටු පක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හා ප්‍රාදේශීය නායකයින්ගෙන් පොහොට්ටු පක්ෂයේ නායකත්වය වෙත මේවනවිට දැඩි බලපෑමක්

එල්ලවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

නෙලුම් මාවත පොහොට්ටු කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, පළාත් සභා මැතිවරණය වෙනුවෙන් රට පුරා සංවිධානය කෙරෙන ක්‍රියාකාරීන්ගේ සුහඳ හමුවීම් වලදී ඒ සම්බන්ධ වූ යෝජනා ඉදිරිපත්ව ඇත.

පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් වෙත කැබිනට් අමාත්‍ය ධුර ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිගින් දිගටම අතපසු කිරීමත් හා රාජපක්ෂවරුන්ට කුඩම්මාගේ සැලකිලි දක්වමින් ජනාධිපතිවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් බිළිබා ගැනීමේ උත්සාහයක නිරතවන්නේද යන සැකයත් නිසා පාක්ෂිකයින් තුළ බලවත් කනස්සල්ලක් වර්ධනය වෙමින් තිබෙන බව පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

'' ඉතුරුවෙලා ඉන්න පිරිසත් එක්ක අලුතින් වැඩ පටන්ගමු.. නැත්තන් පක්ෂය හේදිලාම යාවි. ජනාධිපතිතුමා කරන සමහර වැඩ අපට අනුමත කරන්න බැ . මෙහෙම යන්න බැ , දැනටත් අපි ප්‍රමාදයි ඉක්මනින්ම තීරණයක් ගන්න.''  නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තිස්සමහාරාමයේ පැවති ක්‍රියාකාරීන්ගේ හමුවකදී ප්‍රාදේශීය සභා සභාපතිවරයකු පවසා තිබිණ.

මෙහි දී අදහස් දක්වා ඇති නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා IMF අත්සන් කර රටේ ආර්ථික ස්ථාවරත්වයකට අඩිතාලම දමනතෙක් කිසිඳු හේතුවක් මත ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ විවේචනය නොකරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

'' අරගලය වෙලාවේ දේශපාලන නායකයින් සේරම කර අරිද්දී ඉස්සරහට ආවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. අපි එතුමාට උපරිම සහයදුන්නා. එතුමා ආර්ථිකය ගොඩ ගන්න සැලැස්මක් හැදුවා. IMF එක්ක සාකච්ජා කළා. ඔය විපක්සෙ ඉන්න හුඟදෙනෙක් හැදුවේ IMF වැඩේ කඩාකප්පල් කරන්න. කොළඹට පෙළපාලි ගෙන්නන්නේ එකට. IMF සමහර කොන්දේසිවලට අපටත් එකඟවෙන්න බැ . එත් මේ වෙලාවේ වැඩේ ගොඩදාන්න අපි ජනාධිපතිතුමාට උපරිම සහය දෙන්න ඕන. එක අපේ වගකීම. අපේ යුතුකම. IMF ගිවිසුම ළඟදීම අත්සන් කරනවා. එතකොට අපි අපේ වගකීම ඉටුකළා  වෙනවා. ඊට පස්සේ තවදුරටත් එකට ඉන්නවද නැද්ද කියල තීන්දු කරමු.'' නාමල් රාජපක්ෂ ඒ සුහද හමුවේදී ප්‍රකාශකර ඇත.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්