ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු පුහුණුව අවසන් කළ ශිෂ්‍ය ගුරුවරුන්ට වහාම පත්වීම් ලබා නොදුනහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය රජයට අනතුරු අඟවා සිටියි.



එම සංගමයේ උප සභාපති ජීවරාජා රුබේසන් මාධ්‍ය හමුවක් කැඳවමින් එම කාරණය අවධාරණය කළේය.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිසු සිසුවියන් මෙම ගුරු පුහුණුව අවසන් කළද තවමත් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. 

 
ඇමති පොරොන්දු කඩකලා !


'' පසුගිය වසරේ ගුරු පුහුණුව අවසන් කළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ට 2023 වසරේ මාර්තු මස 27 වැනිදාට පෙර ගුරු පත්වීම් ලබාදෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දුවක් ලබාදුන්නා. ඔහු සමඟ කළ සාකච්ඡාවකදී ඔහු මේ සම්බන්ධයෙන් අපට සහතික වුනා. කෙසේ වෙතත් එම කටයුතු ප්‍රමාද වෙමින් තිබෙනවා. මේ ගැන සොයා බලද්දී දැන් කියන්නේ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා පත්වීම් ප්‍රමාද වෙන කතාවක්.

මැතිවරණයක් කැඳවා තිබුනත්, මෙම පත්වීම් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව  අවසර ලබාදී තියනවා.  එහෙම අවසරයක් දීලා ඇයි මේ සිසුන්ට ගුරු පත්වීම් ප්‍රමාද කරන්නේ කියන එක අපට විශාල ප්‍රශ්නයක්..
 
පාසල් පද්ධතියේ ගැටළු

''පසුගිය කාලයේ රජයේ හදිසි නිවේදනයකට අනුව රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස වෙනස් කළා. මේ නිසා බොහෝ ගුරුවරු විශ්‍රාම ගොස් සිටිනවා.  මේ නිසා පාසලේ දැඩි අවුල් සහගත තත්ත්වයක් ඇති වී තියනවා. මේ තත්ත්වය නිවැරදි කිරීමට මෙම ජාතික  අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු පත්වීම් කඩිනමින් ලබාදිය යුතුයි.

මේ පත්වීම ලබාදීම දිගින් දිගටම කල්දැමීම නිසා ගුරුවරුන්, ගුරු සිසුන්  සහ පාසල් සිසුන් ද පීඩාවට පත්ව සිටිනවා.


වෘත්තීය සමිති ක්‍රියාමාර්ග

මෙම පීඨ සාමාජිකයින් සීමාවාසි  පුහුණුවීම් සඳහා තුන්වන වසර පාසල්වලට අනුයුක්ත කළ කාලය තුළ ලබාදී තිබුණේ රුපියල් 5000ක දීමනාවක්. අපි ඊට වැඩි දීමනාවක් ඉල්ලුවත් ආණ්ඩුව දුන්නේ නැහැ.

මෙම කාලය තුළ ගුරු සිසුන් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය ණය වෙලා. නවාතැන්, ආහාර, ප්‍රවාහනය ආදියට විශාල මුදලක් වැයවෙනවා. බොහෝ විද්‍යා පීඨ ශිෂ්‍යයන් ගත්තු ණය ගෙවා ගන්න බැරුව අසරණවෙලා.

ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලු සලකා බලා ගුරු පත්වීම් කඩිනමින් ලබා දෙන්න කියලයි. ආණ්ඩුව ඒ ඉල්ලීමට කාරුණික නොවුනොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න අපට සිද්ද වෙනවා.''
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්