leader s

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය හෙබැවූ 2002 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත ඇසුරින්, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට අනුබද්ධ

FactSeeker විසින් වාර්තාවක් සකස් කරනු ලැබ තිබේ.

ඒ අනුව 2002 දී ඩොලර් බිලියන 1.6 ක්ව පැවැති විදේශ විනිමය 2005 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලය අවසන් වන විට ඩොලර් බිලියන 2.65 දක්වා ඉහළ ගොස් තිබිණි.

2005 දී මහින්ද රාජපක්ෂ පාලනය භාර ගත් පළමු වසරේදී  විදේශ විනිමය ඩොලර් බිලියන 2.73 ක් ලෙස පැවැති අතර ඔහු 2015 දී පාලන කාලය අවසන් කරන විට එය ඩොලර් බිලියන 6.54 ක් දක්වා වර්ධනය වී තිබිණි. ගතවූ වසර 10 ක කාලය තුළ වැඩිම විදේශ විනිමය වාර්තා වී තිබුණේ 2014 වසරේදී ය. ඒ ඩොලර් බිලියන 7.32 ක් ලෙසය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් ව ගතවූ දෙවැනි වසරේදී එනම් 2016 දී විදේශ විනිමය ඩොලර් බිලියන 5.19ක් වශයෙන් වාර්තා වූ අතර 2020 වසරේදී එය ඩොලර් බිලියන 6.69 ක් විය. 2017 වසරේදී ද ඩොලර් බිලියන 7.03 ක් විදේශ විනිමය රටට ගලා ආ බව එම දත්තවල දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පළමු වසරේදී එනම් 2020 වසරේදී   ඩොලර් බිලියන 5.26ක් ලෙස වාර්තා වූ විදේශ විනිමය, 2022 දී ඩොලර් බිලියන 1.89 ක් දක්වා පහත වැටී ඇත.

ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මාසයේදී ජනාධිපති ධූරයෙන් ඉවත් වන අතර ජූලි 21 දා රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති ධූරයට පත් විය.

 

WhatsApp Image 2023 03 11 at 1.06.32 PM
WhatsApp Image 2023 03 11 at 1.06.32 PM 2

WhatsApp Image 2023 03 11 at 1.06.32 PM 1

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්