ජනතාව මුහුණපා සිටින ගැටළු ගණනාවකට විසදුම් ඉල්ලා හෙට (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එකඟ වුවද අඛණ්ඩ වැඩවර්ජනයක් සදහා මේ මොහොතේ එකඟ නොවන බව ජාතික

ජනබලවේගය පවසයි.

එහි ජාතික විධායක කමිටු සාමාජික කේ ඩී ලාල්කාන්ත පැවසුවේ ජනතාවගේ උවමනා එපාකම් වෙනුවෙන් නියෝජනය කරන ක්‍රියාමාර්ගයක් මෙතෙක් නිර්මාණය වී නොමැති බැවින් අඛණ්ඩ වැඩවර්ජනයක් සදහා සිය පක්‍ෂය මෙම අවස්ථාවේ එකඟ නොවන බවයි.

එහෙත් හෙට පැවැත්වෙන එක්දින වැඩවර්ජනය සදහා සිය වෘත්තීය සමිති උපරිම දායකත්වය ලබාදෙන බවද ඔහු කියාසිටියේය.

 


බදු ප්‍රශ්නය පමණක් පදනම් කර ගනිමින් සිදුකරන වැඩවර්ජනයකට පොදු ජනතාවගේ සහාය ලබාගැනීමට ඇති හැකියාව සීමා සහිත බව කේ ඩී ලාල්කාන්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.



පළාත් 05 ක වෛද්‍යවරු අදත් වැඩවර්ජනයේ - වරායත් සෙමින් වැඩ


කලින් සැලසුම් කළ පරිදි අද දිනයේ ද පළාත් පහක් තුළ සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

 එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය පැවසුවේ උතුර, උතුරුමැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වල රජයේ රෝහල්වල අද දිනයේ වෛද්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවයි.

ඊයේ රාත්‍රියේ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට කැඳවා තිබුණද ජනාධිපතිවරයා ඊට සහභාගි  වී නොතිබිණ.

එහෙත් අද දිනය තුළ සිය ගැටළුවලට විසදුමක් ලබාදෙන බවට එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන් පැවසූ බවද වෛද්‍ය රුවන් ජයසූරිය වැඩිදුරටත් සදහන් කළේය.




ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තිය සමිති ආරම්භ කළ සෙමින් වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේද ක්‍රියාත්මක වන බව වරාය පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න පැවසිය.



මේ අතර ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් අද වරුවක කාලයක් රාජකාරීවලින් බැහැරවී වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මෙසේ පැවසිය.



මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක  ප්‍රකාශ කළේය.

ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක ප්‍රකාශ කළේ, බැංකු සේවකයින් අද දහවල් ලේක්හවුස් වටරවුමේ සහ ප්‍රධාන නගරවල විරෝධතාවක නිරත වන බවය.

මේ අතර 15 වනදා සිට වර්ජනයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න සඳහන් කළේය.



(nethnews.lk)


සබැඳි ලිපි :
රටේ රාළ : වැඩ වරමු - රට නගමු

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්