leader s

ලබන වසරේ මුල ජනාධිපතිවරණයක් පවත්වන තුරු කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.


ඒ අනුව ලබන වසරේ 2024 මුල ජනාධිපතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් රජයේ ඉහළ පිරිසකට දැනුම් දෙනු ලැබ ඇති බව ද දැනගන්නට ලැබේ.

විශේෂයෙන් ම, ජනාධිපතිවරයා පාර්ලිමේන්තු රැස්වීමේදී හා එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් සමග ද පැහැදිලිව සඳහන් කර ඇත්තේ, ආණ්ඩුව ලබන වසරේ මුල් කාලයේ ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ය.

එසේ වුවත් ජනාධිපතිවරයා විසින් දැනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට කිසිදු තැනක සඳහන් කරනු ලැබ නොමැති බවට ද වාර්තා වේ.

කෙසේ නමුත් නියෝජිතයන් අට දහසක් ඇතුළත් වන පරිදි පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම අසීරු බව ද ඒ මොහොතේ ජනාධිපතිවරයා නැවත ප්‍රකාශ කර තිබේ.

පළාත් පාලන ආයතනවල නියෝජිතවරුන් 8,000 අඩු කරන්නේ නම්, පළාත් කොමසාරිස්වරුන් පත් කරන විට දැනට සිටින සභාපතිවරයා ම පත් කරන ලෙස පිරිසක් බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. ඊට බැසිල් රාජපක්‍ෂ සහය නොදෙන බව ද සඳහන් කර තිබේ.

(mawbima.lk)

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්