නුවරඑළිය - කඳපොල 'එන්ඩෙල්' තේ වතුයායේ මහල් දෙකකින් යුත් තේ කර්මාන්ත ශාලාවක් ඊයේ (18) අලුයම හට ගත් හදිසි ගින්නකින් සම්පුර්ණයෙන් විනාශ වී ඇත.



අලුයම 2 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර, ගින්න සිදුවන අවස්ථාවේ තේ කර්මාන්තශාලාව තුළ කිසිවෙකු සිට නොමැත.

තේ කිලෝ 30,000කට අධික ප්‍රමාණයක් එහි ගබඩා කර තිබී ඇති අතර, සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කඳපොල පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



මෙම ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි චාමලී මදනායක සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පලකර ඇත.


මෙම තේ කර්මාන්ත ශාලාවට ගිනි තබා බලාපොරොත්තු වෙන්නේ කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කය පුරඅරගලයකඑසේත් නැත්නම් concordia වත්තෙ ඉඩම් සොරකම යට ගැසීම සඳහා එය වෙනත් අතකට යොමු කිරීම ගිනි තැබූ වන්ගේ අරමුණද?
පසුගියදා නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජයරාම්ගේ ඝාතනය හා මෙම ගිනි තැබීම අතර සම්බන්ධතාවයක් තිබේ ද?
සිකුරාදා වනවිට නුවරඑළිය නගර ආසන්නයේ පිහිටි තේ වතු වල පිහිටි වතු අධිකාරී බංගලාවල පැවැත්වූ සාද පිළිබඳව සහ ඒවාට ආව ගිය පුද්ගලයින් පිළිබඳව බුද්ධි අංශය විසින් වෙනම පරීක්ෂණයක් කළ යුතුයි....
නුවරඑළිය දේශපාලන බලාධිකාරිය සහ වතු අධිකාරිය විසින් රජයේ ආරක්ෂක අංශ වලට කම්මුල් පාරක් ගසා ඇත......
චාමලී මදනායක

 

{gallery}teafactorytorched{/gallery}

 

නුවරඑළිය කදපොල එන්ඩෙල් තේ කර්මාන්ත ශාලාවේ ගින්න 

 
 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්