ජනාධිපති වික්‍රමසිංහ ආර්ථිකය ගොඩ දැමීමේ නැතැයි කියන්න "අපි අන්ධයන් දැයි" සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න විමසා සිටියි.



තමා කවුරුවත් කියන කියන විදියට ප්‍රකාශ නිකුත් කරන්න ලෑස්ති නැතැයි ද අද තිබෙන ප්‍රශ්නය වන්නේ පක්ෂයකින් යනවාද?නැද්ද? කියන එක නොව, රට ගොඩ නගනව ද? නැද්ද? කියන එකයැයි රාජිත සේනාරත්න කීය.

ඔහු එබව කියා සිටියේ, කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (6) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී මාධ්‍යවේදියෙක් විමසූයේ, ''ඔබේ ප්‍රකාශයක් ගැන මාධ්‍යයේ පළවුණා. ඊයේ පෙරේදා  ඉදන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අපි යන්නේ නැතැයි කියමින්  ප්‍රකාශ කරනවා. මේ කාටද යන්නෙ නෑ කියන්නේ. ඔබතුමා යනවා කියලා දැනගෙන ද?'' යනුවෙනි.

ඊට පිළිතුරු දුන් රාජිත සේනාරත්න මෙසේ සඳහන් කළේය.

''නෑ , ඉතින් බොහොම කට්ටිය කියනවා. අපිටත් කිව්වා කියන්න කියලා. මම ඔය කියන කියන විදියට ප්‍රකාශ නිකුත් කරන්න ලෑස්ති නෑ. යනවද? යන්නේ නැද්ද? කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රට ගොඩනගනව ද? නැද්ද? කියන එක විතරයි.

මම දේශපාලනයට ආවෙත් වෛද්‍ය වෘත්තියත් අත ඇරලා. ව්‍යාපාර  කටයුතු වලින් අයින් වෙලා. අද පඩියට පමණයි මගේ ආදායමක් සීමා වෙලා තියෙන්නේ. සියලු දේවල් වහලා දාලා මේ තත්ත්වයට ආවේ අරවා කියන්නයි මෙහෙම කියන්නයි නෙමෙයි. මට ආත්ම ශක්තියක් තිබෙනවා. එමෙන්ම මට දේශපාලන චින්තනයක් තිබෙනවා. ඒ අනුව තමයි මම තීන්දු ගන්නේ.''

තනියම ආණ්ඩුවට එකතු වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉස්සෙල්ලාම ජනාධිපති සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන්න ඕනේ. ඒ ඉල්ලීම කරලා ඒකත් අහන්නේ නැත්තම්.. එතනදි අපිට තීන්දුවක් ගන්න පුළුවන් කණ්ඩායම් වශයෙන්."

 

රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා දේශපාලන ඉල්ලීමක් සිදු කරන්නේ නම් සංවිධානගතව සහාය ලබාදීමට සූදානම් බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පවසයි. ඊට පක්ෂය සූදානම් නොවන්නේ නම් පමණක් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

 

ප්‍රශ්නය :
සමගි ජන බලවේගයේ 40 ක්ම යනවා කියලා කතාවක් තියෙනවා.

රාජිත :
අරයා යනවා, මෙයා යනවා කියන්නේ මේක නෑගම් යනවා නෙවෙයිනේ. මේවා දේශපාලන තීන්දු.


ප්‍රශ්නය:
ජනපති ආර්ථිකය ගොඩ දානවා කියලා ඔබට පේනවද?

පිළිතුර:
ඔව්,පැහැදිලිවම අපි පිළිගන්න ඕන නේ. නැත්තං අපි අන්ධයෝ නේ. මුලු ලංකාවෙම අපිට හම්බවෙන ඔක්කොම මිනිස්සු කියන එක නැතුව අපි විතරක් වෙනම පක්ෂයක කියලා විවේචනය කරනවා නම් ඒ වගේ කරන්න පුළුවන් මාක්ස්වාදී කඨෝර අයට. දැන් පෝලිම් තියෙනවද? ඉන්ධන මිල ටිකෙන් ටික අඩු වෙනවා. ගෑස් පෝලිම් නෑ. ඊයේ පෙරේදා ගෑස්  රුපියල් දාහකින් අඩු වුණා. පොහොට්ටුව ඇතිකරපු තත්ත්වයෙන් රනිල් වික්‍රමසිංහ කියන නායකයා රට මුදාගෙන තිබෙනවා.''



JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්