නිර්පාක්ෂික යැයි කියා ගනිමින් සියදහස් ගණන් ගාලු මුවදොර අරගල කළද අවසානයේ නිර්පාක්ෂික වුණේ

ගෝඨාභය රාජපක්ෂ පමණක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

අරගල සිදුකළ හැමකෙනාම දේශපාලන වේදිකාවක ඉන්නා බව සදහන් කරන නාමල් මන්ත්‍රීවරයා, ඒ හැමදෙනාම නොදැනුවත්වම හෝ තවත් පාර්ශවයක ඉත්තන් බවට පත්ව සිටින බවද අරගලයක අවසානය එසේ වූ බවද පෙන්වා කියා සිටියි.

ඔහු එබව බව සඳහන් කළේ කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ දී ඊයේ (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ආසන බලමණ්ඩල හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේ පැවසිය.

කොලොන්නාව ආසනය කොළඹ දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක්. ඒ වගේම හැම මැතිවරණයක දීම මේ ආසනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ හිටගත්තා. ඉතාම අසීරු අවස්ථාවල දී පවා මේ ජනතාව අපේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ගොඩනඟන්න අපි කටයුතු කළා. එදා අපිව මහ පාරේ ඇවිද්දවනවා කියපු නායකයන් හිටියා. අභියෝග මැද අපි කටයුතු කළා. හිර ගෙවල්වල යන්නත් වුණා.

ඒ සියලු අභියෝග මැද අපි පක්ෂය ගොඩනැඟුවා. ඉතාම කෙටි කලක් තුළ මේ රටේ තීරණාත්මක මැතිවරණ අපි දින්නා. ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69 ක ඡන්ද ප්‍රමාණයක් අපි ගත්තා. පාර්ලිමේන්තු මැතිවරණය අපි ජයග්‍රහණය කළා. අපි යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. අපි දැකලා තිබුණේ, අහලා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයයි. ජනතාවගේ ජීවිත උසස් කරන්න ගත්ත උත්සාහය අපි දන්නවා.

මේ රටේ ආර්ථික වර්ධනය වේගය චීනයට පමණක් දෙවැනි තැනකට ගෙනාවේ කවුද. මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කෙනෙක් නොවේ. කොළඹ දිස්ත්‍රික්කය සංවර්ධනය කළේ කාගේ කාලයේ ද ? මගේ පියා කම්කරු ඇමැතිවරයා විදියට එදා කොරියාවේ රැකියාවලට යවන්න හදනවිට කොරියාවට නම් රැකියාවලට යවන්න එපා කියා කිවුවා. කොරියා කියලා ඔවුන් දැක්කේ කොළඹ තිබෙන වත්තයි. වත්තේ ජීවිතය වෙනස් කරලා ජීවිතයට වටිනාකමක් දුන්නේ කවුරුන්ද.

මහල් නිවාස යෝජනා ක්‍රම හදුන්වා දුන්නා. දරුවන්ට බය නැතිව, ආඩම්බරයෙන් පාසල් යන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්නා. කොළඹ පටු පාරවල් තිබුණේ. මංතීරු හතරේ පහේ පාරවල් පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහතායි.

කොළඹ වරාය නගරය ඉදිකරන්න සීගිරි ගල කඩා ගෙනෙන්න වෙයි කියූ අනුර කුමාර දිසානායක දැන් අලුත් පක්ෂයක් හදාගෙන ඒකට ව්‍යාපෘති ගේන්න සැලසුම් කරනවා.

නෙළුම් කුළුණ හදනවිට හිනා වුණා. යහපාලන ආණ්ඩුව පැමිණ මේ සියල්ල අතරමඟ නතර කළා. පෝර්ට්සිටි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කළා.



එදා රාජපක්ෂවරුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු සොයාන්න ආණ්ඩුවෙන් පඩි දීලා කමිටුවක් පත්කළා. නමුත් අවසානයේ ඔවුන් ප්‍රකාශ කළේ එවැනි ගිණුම් නැහැ කියලයි. පසුගිය කාලයේ උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කිවුවා. රාජපක්ෂවරුන්ගේ මුදල් ගුවන් යානා ආධාරයෙන් උගන්ඩාවට රැගෙන ගොස් තිබෙනවා නම් ආන්ඩුව මැදිහත් වී ඒ සියලු මුදල් මෙරටට ගෙන එන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එහෙම කරන්න කියා ඉල්ලනවා. එවැනි මුදලක් තිබෙනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ ගොස් රාජ්‍ය ආයතන විකුණන්න අවශ්‍ය වන්නෙත් නැහැ. ඔවුන් ජනතාව තුළ ඊෂ්‍යාව ගොඩනැඟුවා. වෛරය වැපිරුවා. දළ වශයෙන් ලංකාවෙන් රුපියල් බිලියන 4 ක පමණ මුදලක් පිට වෙනවා. ඒ ආණ්ඩුවෙන් නොවෙයි. පෞද්ගලික අංශයෙන්. ඉන්දියාවෙන් දළ වශයෙන් බිලියන 50 ක් පමණ පිට වෙනවා. ඉන්දියාවෙත් ඉන්නේ රාජපක්ෂලාද ? චම්පික රණවක මහත්තයා එහෙම කියනවා.



නමුත් ඒ ප්‍රකාශයේ මූලික පදනම තමයි වෛරය ඇතිකරන එක. ජනතාවට ඒත්තු ගන්වන්න ඕන වුණා රාජපක්ෂවරු ඩොලර් බිලියන 18 ක් ගිලලා කියලා. පසුගිය කාලයේ ණයබර ගැන කතා කළා. රාජපක්ෂවරු බිලියන 3.5 ක් ණය අරගෙන තිබෙනවා කියලා අනුර කුමාර දිසානායක මහතා කිවුවා. යහපාලන ආණ්ඩුව බිලියන 12 ක් ණය අරගෙන තිබෙනවා. දැන් රට ණයබරින් වැඩිකර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද ? යහපාලන ආණ්ඩුවද ?

නමුත් බොරුවෙන් ආණ්ඩු පෙරලලා ආන්ඩු ලබා ගත්තත් ඒ ආණ්ඩුවට වැඩිකල් යන්න බැහැ. මේ රටේ දේශීයත්වය අපි ආරක්ෂා කරන්න ඕන. අපේ කම රකින්න ඕන. රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරන්න ඕන. ඒවාට ආයෝජන ගේන්න ඕන. නමුත් අපි ගිවිසුම් ගතවන විට රටට අහිතකර ගිවිසුම්වලට නොයා යුතුයි. හම්බන්තොට වරායට ආයෝජන ගෙනඑන විට කිසිදා විරුද්ධ වුණේ නැහැ. නමුත් හම්බන්තොට වරාය විකුණන්න ගත්ත ගිවිසුමත් එක්ක තමයි අපිට ප්‍රශ්න තිබෙන්නේ.

අපි අපේ ස්ථාවරයේ අදටත් ඉන්නවා. ජාත්‍යන්තර වශයෙන් ගිවිසුම්වලට පැමිණියාට පසුව පසුකාලීනව ඒවා වෙනස් කරන්න බැහැ. රාජ්‍ය පාලනයේ ක්‍රමවේදයක් තිබෙනවා. ඉදිරියේ දී අපි ප්‍රතිපත්තියට අනුව ඉදිරියට යනවිට ගෝලීය දේශපාලන ස්ථාවරත්වය සම්බන්ධයෙන් අපේ වැඩි අවධානයක් යොමු කරනවා.



ඇතැමුන් පසුගිය කාලයේ දේශපාලන අරමුණු වෙනුවෙන් අහිංසක මිනිසුන් පාවිච්චි කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගිය දවසේ සිට ගෑස් සිලින්ඩර පුපුරන්නේ නැහැ. අපි දන්නවා මේ රටේ ජනතාවගේ හද ගැස්ම. ගමේ ජනතාවගේ වගේම නගරයේ ජනතාවගේ හදගැස්ම හොඳින් හදුනාගත් දේශපාලන පක්ෂයක්. දේශීය ආර්ථිකය නංවන්න, ග්‍රමීය ජනතාවගේ ජීවනෝපාය නංවන්න රජය කටයුතු කරයි කියා අපි විශ්වාස කරනවා. මැයි මස 9 දා මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් පිරිසක් ගිහින් ගාලු මුවදොර අරගලකරුවන්ට ගැහුවා කියන්න ඇතැමුන් උත්සාහ කරනවා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.



අපේ අය මැයි 9 දා ආවේ මහින්ද මහත්තයා බලන්න මිස ගහගන්න නොවෙයි. කාංචන විජේසේකර, ශෙහාන් සේමසිංහ, රොෂාන් රණසිංහ ඇමැතිවරුන්ගේ නිවාසවලට ගැහුවේ අප්‍රේල් මාසයේ. ඒ නිසා මේ කතා හදන අයයි ජනතාවයි තේරුම් ගතයුතු වෙනවා. අපි විශ්වාස කරන දේශපාලනය තුළ ප්‍රචණ්ඩත්වය අගය කරන්නේ නැහැ. අපේ පාක්ෂිකයන් හරි අහිංසකයි. අපේ අයගෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. අපි ප්‍රචණ්ඩත්වයට කැමැත්තක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා තමයි දේශපාලනයේ තිබුණු ප්‍රචණ්ඩත්වය ඉවත් කළේ. අවසානයේ නිර්පාක්ෂික වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණයි. අනෙක් හැමකෙනාම දේශපාලන වේදිකාවක ඉන්නවා. ඒ හැමදෙනාම නොදැනුවත්වම තවත් පාර්ශවයක ඉත්තන් බවට පත්ව සිටිනවා.


 ''අපේ බලවේගයේ නායකයා මහින්ද ජනාධිපතිතුමයි'' - ඇමති පවිත්‍රා

kijhsdt

රැස්වීම ඇමතු වනජීවී හා වන සංරක්ෂණ ඇමතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මෙසේ පැවසුවාය.

'' අජිත් සුබසිංහ මහතා අපේ බලවේගය ගොඩනඟන්න මහත් කැපවීමෙන් වැඩ කළා. ඒ නිසා ඔහුව ශක්තිමත් කරන්න අපි කිසිඳු වෙලාවක පැකිලෙන්නේ නැහැ. අපි මේ රටේ මහා සංවර්ධනයක් කළ බලවේගයක්. අවුරුදු 70 ගණනක් මොනවා ද කළේ කියලා අහනවා. මේ රටේ නිදහස ලැබෙන විට ජනතාවගෙන් සියයට 50 කට විතර ලියන්න, කියවන්න බැහැ. විදුලිය හැනැ, මංමාවත් නොමැති පානීය ජලය නොමැති, පාසල් අවම මට්ටමින් තිබුණා. ඉතාම අවම රෝහල් සංඛ්‍යාවක් තිබුණ තත්ත්වයක් තුළ ජනතාව ඉතාම දරිද්‍රතාවයෙන් පෙළුණු රටක් එදා තිබුණේ. අපි ඉපදෙන අවස්ථාව වනවිට රටේ තිබෙන තත්ත්වයත් අද වනවිට තිබෙන තත්ත්වයත් අහසයි පොළවයි වගේ. අපි හැමවෙලාවේම නිවැරැදි තීන්දු ගත්තා. රටේ වසර ගණනක යුද්ධයක් යනවිට ජීවිතය නැතිවුණත් කමක් නැහැ කියලා මහින්ද රාජපක්ෂ මහතා එදා නිවැරැදි තීන්දුවක් ගත්තා. යුද්ධය ඉවර කරනවා කියන තීන්දුව ගත්තා. දරුවන්ගේ හෝ තමන්ගේ ජීවිතය ගැන සිතුවේ නැහැ.

බස්වල බෝම්බ පිපිරුණු, ගුවන් යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළ රටක කවදාවත් මේ යුද්ධය ඉවර කරන්න බැරිවෙයි කියා තීන්දු කළ රටක යුද්ධය අවසන් කරනවා කියා තද තීන්දුවක් අරගෙන මහින්ද රාජපක්ෂ මහතා ඒ කාර්යය අකුරටම කළා. ඒ අපේ බලාවේගයේ නායකයායි. ඒ වගේම මේ මාතෘභූමියට මහා සංවර්ධනයක් අත්කර දෙනවායි කියා ඒ කාර්යයත් කළා.


පසුගිය ජනාධිපතිවරණයේ දී අපේ පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීමේ දී අපිට වැරැදුනා. එහෙම තීන්දු ගන්න වෙනවා. නමුත් ආයෙත් අවස්ථාවක් ආවා පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයෙක් තෝරා ගන්න. පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් පවත්වා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් තෝරා ගන්න තීරණය කළා. ඒ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අපිට තිබුණා. පැවැති තත්ත්වයෙන් රට ගොඩනැඟීම වෙනුවෙන් අපි ඒ තීන්දුව ගත්තා. ඒ තීන්දුව වැරැදි තීන්දුවක් තියා සිතන්නේ නැහැ. ඉතිහාසය පුරා අපේ බලවේගය ගත්ත තීන්දු හරියි. එක තැනක වැරදුනාට. අද තෙල් තිබෙනවා. ගෑස්, පොහොර තිබෙනවා. නමුත් භාණ්ඩවල මිල ටිකක් වැඩියි.



''මොන තරම් පසු බැස්ස ද කොතරම් බාධක පැමිණිය ද අපේ පක්ෂය ඉදිරියට ම යනවා''- සරත් වීරසේකර

cxfr65

රැස්වීම ඇමතු හිටපු ඇමති ආචාර්ය සරත් වීරසේකර මෙසේ පැවසිය.

'' මොන තරම් පසු බැස්ස ද කොතරම් බාධක පැමිණිය ද අපේ පක්ෂය ඉදිරියට ම යනවා. කෙතරම් ගෙවල් ගිනි තිබ්බ ද මොනතරම් පීඩාවන් පැමිණිය ද අපේ ඉදිරි ගමන නවත්වන්න බැහැ. අපේ පක්ෂය වෙනුවෙන් මේ සියලු දෙනාම එක්ව සිටීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වෙනවා. අපේ පාක්ෂිකයන්ගේ ගෙවල් 150ක් පමණ ගිනිතබා විනාශ කෙරුවා. මන්ත්‍රීවරයෙකු ඇතුළුව පුද්ගලයන් අට දෙනෙකු ඝාතනය කළා. එවැනි දෙයක් සිදු වුණේ අපේ ආණ්ඩුවක් යටතේ වීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා. වෙනත් ආණ්ඩුවක් යටතේ එවැන්නක් සිදු වුනා නම් කනගාටුවක් නැහැ.



මෙවැනි කලබල සිදුවෙනවා නම් පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් එවැනි දෙයක් කරන්න එපා යයි කිසියම් අයකු නියෝගයක් දී තිබෙනවා. මේ වනවිට ඒ සම්බන්ධයෙන් වන කොමිසන් සභා වාර්තාව නිකුත් කර තිබෙනවා. හානියට පත් නිවාස වලට සම්පූර්ණ වන්දිය ලබාදිය යුතුයි. අපි යම්කිසි පසුබැසීමකට ලක් වුනේ ඇයි.


රටක් ගත්විට රට ගෙනයන්න විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ගෑස්, ඖෂධ, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඩොලර් මිලියන පන්දාහක් සංචාරක කර්මාන්තයෙන් ලැබෙනවා. ඒ වගේම තවත් ඩොලර් මිලියන 7000 විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙනවා. නමුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට, විශ්‍රාම වැටුප් ගෙවීමට, සමෘද්ධි ආධාර ලබාදීමට මේ මුදල ප්‍රමාණවත් වන්නේ නෑ. නමුත් අපි ආණ්ඩුවේ තිබුණ වරද තමයි මේක හරියට ජනතාවට ප්‍රේෂණය නොකිරීම. ඒ නිසා තමයි රාජපක්ෂවරු සහ මන්ත්‍රීවරුන් හොරකම් කළා කියන්නේ. නීතිය හා සාමය කඩ කරලා ගාලුමුවදොර අරගල කළා. අද මේ රජය ගෙන යන්නේ ඔබ දුන්න ජනවරමින්. ඒක වෙනස් කරන්න නම් යළිත් මහ මැතිවරණයක් පැවැත්විය යුතු වෙනවා.



''රාජපක්ෂවරුන්ගේ ප්‍රතිපත්ති මේ රටට අවශ්‍ය ම මොහොතක්'' - සාගර කාරියවසම්

xcrdt54

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් රැස්වීම අමතමින් මෙසේ සඳහන් කළේය.

''ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයා නායකත්වය ලබාදෙන පක්ෂය වටා අද විශාල පිරිසක් එක්ව සිටිනවා. අද දිනයේ කොලොන්නාව ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්වෙනවා. අපේ ඉතිහාසයේ රජවරු ගැන අපි කතා කරනවා. වසර දෙදහස් පන්සියයකට එහා ඉතිහාසයක් අපේ රටට තිබෙනවා. නමුත් අපි කතා කරන්නේ රජවරු දෙතුන් දෙනෙක් ගැන පමණයි. ඇතැම් රජවරු කළේ රට පාලනය කිරීම පමණයි. නමුත් තවත් රජවරු රට පාලනය කිරීම පමණක් නොව වසර සිය ගණනක අනාගත පරපුර වෙනුවෙන් විශාල දායාදයන් රටට ලබා දුන්නා. නමුත් නිදහසින් පසු ශ්‍රී ලංකාව ගත්විට ශ්‍රී ලංකාව පාලනය කළ රාජ්‍ය නායකයන් අතරින් තවත් වසර 500 ක් තරම් ඈතට දැනෙන සංවර්ධනයක් කළේ මහින්ද රාජපක්ෂ මහතා පමණයි.

අපි කතරගම යනවා නම් කොළඹ සිට දැන් යන්නේ අධිවේගී මාර්ගයෙන්. මේක තමයි රටක දියුණුව. ගුවන් තොටුපළවල්, වරයන් නිර්මාණය කළා. තව වසර දහස් ගණනක් ඒවා පවතිනවා. මෙරටට සුවිශේෂී වැඩ කොටසක් කළ ශ්‍රේෂ්ඨ නායකයා නායකත්වය දෙන පක්ෂයයි මේ. නිදහසින් පසුව බිහිවූ හැම නායකයෙකු තරාදියක එක් පැත්තකට මහින්ද රාජපක්ෂ මහතා එම තරාදියේ අනෙක් පැත්තට දමන්නේ නම් රට වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් කළ පාර්ශ්වයේ ලෙස මහින්ද රාජපක්ෂ මහතා බරින් වැඩි බව කිව යුතු වෙනවා. රාජපක්ෂවරුන්ගේ ප්‍රතිපත්ති මේ රටට අවශ්‍ය වූයේ හැමවිටම මේ රට වැටුණු අවස්ථාවේදී. ත්‍රස්තවාදයට එරෙහිව නිවැරැදි නායකත්වය එදා රටට හිමි වුණා.


''ඇතැමුන් අපේ පක්ෂය පාවාදීලා යම් යම් වරප්‍රසාද අපේක්ෂාවෙන් විවිධ කටයුතු සිදු කරනවා'' - මධුර විතානගේ

x45


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මෙසේ පැවසිය.

'' අදට වසරකට පෙර කොලොන්නාව ගිනිගෙන දැවුණු ආසනයක්. අපි කිසිවෙකු අපේක්ෂා නොකළ ඛේදවාචකයක් සිදු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අස්සක් මුල්ලක් නෑර ප්‍රදේශවලින් ජනතාව කොළඹට පැමිණ හදපු පක්ෂයක් මිස කිසිවකුගේ බූදලයක් නොවේ. ඒ නිසා මේ පක්ෂය විනාශ කරන්න කිසිවකුටත් අයිතියක් නෑ. පසුගිය කාලයේ පක්ෂය තාවකාලිකව පසු බැසීමක් සිදු වුවද අද වනවිට දෙපයින් සිට ගන්නා පක්ෂයක් බවට පත්ව තිබෙනවා.

අපේ පක්ෂයට දර්ශනයක් හා දැක්මක් තිබෙනවා. විරුද්ධවාදීන්ගෙන් කුමන විවේචන එල්ල වුවද විරුද්ධවාදීන්ට එරෙහිව හඬ අවදි කළහැකි කණ්ඩායම සිටින්නේ අප පක්ෂය තුලයි. ආණ්ඩුව වැරදි යමක් කරනවා නම් පක්ෂයක් හැටියට අප ඊට විරුද්ධ වෙනවා. අසාධාරණයට එරෙහිව කතා කරනවා.

ඒ වගේම රටට විරුද්ධ මතයක් දරනවා නම් අප ඊට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. පසුගිය කාලයේ දේශපාලන වශයෙන් අපට යම් යම් අතපසුවීම් සිදුවුණා. නමුත් අපේ පක්ෂය විශ්වාසකර දේශපාලනය කරන ඔබට අපගේ ගෞරවය පිරිනමනවා. ඇතැමුන් අපේ පක්ෂය පාවාදීලා යම් යම් වරප්‍රසාද අපේක්ෂාවෙන් විවිධ කටයුතු සිදු කරනවා. ඒක ජනාධිපතිතුමාත් දන්නවා.


''ප්‍රශ්නයක් ආවම පක්ෂය දාලා යන පුරුද්දක් අපට නෑ'' - මේජර් ප්‍රදීප් උදුගොඩ

6dfgdfty5


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ රැස්වීම අමතමින් මෙසේ පැවසිය.

''ඕනෑම තැනක නැග්මක් වගේම බැස්මක් තිබෙනවා. අපේ ගෙදර ප්‍රශ්නයක් සිදු වුණාම අපි අල්ලපු ගෙදරට යන්නෙ නෑ. ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක ගෙදරදීම විසඳගන්න අපි බලනවා. පක්ෂයක් විදිහට අපි පසුගිය කාලයේ ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. පසුගිය 2015 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ අපත් සමඟ රැඳී සිටින විශාල පිරිසක් මේ ස්ථානයේ ඉන්නවා. අපට එන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දිය යුතුයි. ආර්ථික වශයෙන් අපි සියලු දෙනාම ශක්තිමත් නෑ. නමුත් අපි ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුයි. පසුගිය කාලයේ විවිධ අර්බුද ආවා. ජනතාව තමන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් පාරට බැස්සා. ප්‍රගතිශීලී ජනතාව අපත් සමග හැමදාම සිටියා. පක්ෂය ගොඩනගන වැඩපිළිවෙළ දී ඒ ජනතාව අප සමග සිටිනවා. ප්‍රශ්නයක් ආවම පක්ෂය දාලා යන පුරුද්දක් අපට නෑ. අපේ ජනතාව අපව දාලා ගිහින් නැහැ. අපේ පක්ෂය පැරදිලා නැහැ. අපි නව ජවයකින් නැගිටින්න ඕන.


'' භීෂණයට කොලොන්නාවේ ඉඩ නෑ.'' - ආසන සංවිධායක අජිත් සුබසිංහ

cf6y5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව ආසන සංවිධායක අජිත් සුබසිංහ රැස්වීම අමතමින් මෙසේ අදහස් දැක්විය.

පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සමග යළි කිසිදා පොහොට්ටුව නැගිටින්නේ නැතිවෙයි කියා ඇතමුන් සිතුවා. නමුත් අපි නැගී සිටිනවා. පසුගිය දිනවල මගේ කාර්යාලය ඉදිරිපිට කටවුට් එකක් ගැසුවා. ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කලේ මෙතන භීෂණයක් ඇති කරන්නයි. කොලොන්නාවෙ කිසිදා අසික්කිත දේශපාලනයක් කලේ නෑ. අපි කිසිවෙකුටත් හිරිහැර කළේ නැහැ. අපි කොලොන්නාවට හොඳ ආදර්ශයක් දුන්නා. භීෂණයට කොලොන්නාවේ ඉඩ නෑ. මේ පක්ෂය නැගිට්ටවන්න අපි දිවි හිමියන් වැඩ කරනවා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරෙයි. බැසිල් රාජපක්ෂ මහත්තයාටත් එලෙසම ආදරෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන්න බැසිල් රාජපක්ෂ මහතා සුවිශේෂී කාර්යභාරයක් කර තිබෙනවා. පසුගිය කාලයේ කොලොන්නාවේ විවිධ අර්බුද තිබුනා. ඒක වෙනස් කරමින් අපි ඉදිරියට ගමන් කරනවා යයි පැවසීය.

වැල්ලම්පිටිය කොළඹ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක අගලේවෙල විජේන්නද තිස්ස නාහිමි ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

{gallery}slpp-09{/gallery}

 

  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්