leader s

මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද පෙරවරු 10 ට රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.


අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට හැකිද? නොහැකිද? යන්න එම සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතව තිබේ.

අගමැතිවරයා සමග මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඊයේ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී සාකච්ඡා වූ කරුණු ද සැලකිල්ලට ගනිමින් එම තීරණය ගැනීමට නියමිතය.  

අගමැතිවරයාගේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුනව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මාධ්‍යවෙත පැවසුවේ, අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අසීරු බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් 25 ට පෙර ප්‍රකාශයට පත්කරනු ඇති බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්