පළාත් කීපයකට සහ දිසා රැසකට අද (14) දිනයේ සිරුරට දැනෙන මට්ටමක උණුසුම් තත්වයක් හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.


නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැමි ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් ‘‘අවදානය‘‘ යෙමු කළ යුතු මට්ටමක පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුස්ම් දර්ශකය 39 - 45 අතර මට්ටමකට එන විට ‘‘අවදානම්‘‘ මට්ටමට පැමිණෙන අතර එවන් අවස්ථාවලදී වැඩි වේලාවක් අව්වේ නිරාවරණය සහ ක්‍රියාකාරි කටයුතුවල නියැලීම නිසා විජලනය, ලවන ඉවත්වීම නිසා මස්පිඩු පෙරලීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් වේ.

වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල පමණක් විවේක ගැනීම, වැඩි හිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක පසු වීම, කුඩා දරුවන් වාහන තුළ දමා නොයෑම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැති ඇඳුම් පැළදීම කටයුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කරයි.


 කිරි ගොවීන්ට විශේෂ දැනුම් දීමක්


අධික උෂ්ණ සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අවදානය යොමු කරන ලෙස දිවයිනේ සියලුම කිරි ගොවින්ට මිල්කෝ සමාගම දැනුම් දී සිටියි.

එම සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ :

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව බස්නාහිර, දකුණ, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලත්, කුරුණෑගල, මුලතිව්, වවුනියා සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වල අද සහ හෙට ඉතා අධික උෂ්ණත්වයක් පවතිනු ඇත.

මෙම තත්ත්වය යටතේ ඔබගේ කිරි දෙනුන් සැම විටකම සෙවන ඇති ස්ථානයක රඳවා තැබීමටත්, හැකි තාක් වතුර බීමට දීමටත් කටයුතු කරන ලෙස මිල්කො සමාගම දිවයිනේ සියලුම කිරි ගොවීන් වෙත දැනුම් දී සිටියි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්