leader s

ප්‍රතිපාදන ඇතුළු සෙසු පහසුකම් සම්පූර්ණ වනතුරු පලාත් පාලන මැතිවරණය පවත්වන දිනයක් යලි ප්‍රකාශයට පත් නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසයි.

ඔහු එබව කියා සිටියේ, 'නෙත් නිවුස් රතු කට්ට' විශේෂාංගය සමග එක්වෙමිනි.

මැතිවරණය පැවැත්වීම සඳහා අදාල සෑම බලධාරීයෙකු සමග මේ වන විට සාකච්ඡා කර ඇති බවත් දැන් සාකච්ඡා කිරීමට කිසිවෙකු නොමැති බවත් ඔහු එහිදී කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දෙවැනි වරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 11 දා තීරණය කළේය.


ඒ අනුව මෙම මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම සිදු නොකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන නඩු කටයුතු අනුව අධිකරණය විසින් ලබාදෙනු ලබන තීරණය මත දිනයක් තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනය හෝ ප්‍රථමයෙන් ලැබෙන අවස්ථාව අනුව ඡන්දය විමසීම සඳහා දිනය තීරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන් කර ඇත.



''ඡන්දය අගෝස්තු 12 වන දාට හෝ සැප්තැම්බර් 15 වන දාට පෙර තියාවී '' - මහින්ද දේශප්‍රිය


z p01 EC
“දැනට නාම යෝජයා පත්‍ර භාර ගෙන ඇති පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට දෙවරක් කල් දමා ඇති අතර එම ඡන්දය අගෝස්තු 12 වන දාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනයට හෝ සැප්තැම්බර් 15 වන දාට පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට කලින් පැවැත්වෙනු ඇතැයි තමා විශ්වාස කරනවා” යැයි සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය 'මව්බිම' පුවත්පතට පවසා ඇත.

පළාත් පාලන ආයතන සීමා නිර්ණය වාර්තාවේ අවසන් කෙටුම්පත භාර දී ඇති අතර දැනට පවතින පළාත් පාලන ආයතන බොහොමයක කොට්ඨාස මායිම් වෙනස් වී ඇතැයි ද එම වෙනස් වීම් නාමයෝජනා භාරගෙන තිබෙන පළාත් පාලන ඡන්දයට කිසිදු බලපෑමක් නැතැයි ද ඔහු පවසයි.

යම් හෙයකින්, පාර්ලිමේන්තු පනතක් මගින් දැනට භාර ගෙන ඇති නාම යෝජනා අවලංගු කිරීමක් සිදු වුවහොත් පවතින තත්ත්වයේ වෙනසක් ඇති වීමට ඉඩ ඇතැයි හෙතෙම කියා සිටියි.

නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ තොරතුරක් වාර්තා වී නැති බව පවසන සභාපතිවරයා, පවතින තත්ත්වය යටතේ දිගින් දිගට ම ඡන්ද විමසීමේ දිනය කල් දමීමට සිදු වී අවසානයේ දැනට භාර ගෙන ඇති නාම යෝජනා අවලංගු කෙරුණහොත් සීමා නිර්ණය කොමිෂන් සභාව ලබා දුන් නව වාර්තාවට අනුව පළාත් පාලන ඡන්දය විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීමේ අවස්ථාවක් උදාවන බව ද පෙන්වා දෙයි.

එසේ වුවහොත් දැනට පළාත් පාලන ආයතනවලට තෝරාගනු ලබන අටදහසකට අධික නියෝජිතයන් සංඛ්‍යාව අඩකින් අඩුවන බව ද හෙතෙම සඳහන් කරයි. 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්