ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2022 ජූලි මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලද්දේ

ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය යටතේ බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදුකරන ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම නිවේදනයේ කරුණු වැඩිදුරටත් මෙසේ දැක්වේ.

දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්‍ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීම පසුගිය වසරේ ජූලි මස 07 වැනි දින ඉන්දියාවේදී පැවැති අතර, ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්ය.

 

රූපවාහිනී වැඩසටහනක හා පුවත්පත් විස්තර කියවීමේදී ඊයේ (26) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් රචිත ‘නවය; සැඟවුණු කතාව’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී එම මන්ත්‍රීවරයා විසින් කරන ලද කථාවෙන් උපුටා ගනිමින් එහිදී කියා සිටියේ, 2022 මැයි 09 වැනි දින ප්‍රථම සැලසුම ලෙස අරගලය සිදු කළ බලවේග සිදු කිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්‍රමුඛ හමුදා ප්‍රධානින් ජනාධිපති මන්දිරය තුළ ඝාතනයට ලක්කිරීමට බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේදී ඉන්දීය සංචාරයකට සහභාගි වී සිටි බවත් එය සැක සහිත කටයුත්තක් බවත්ය.

 

ඒ අනුව, ඉහත කරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවත් වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොළඹ ආරක්‍ෂක සමුළුවට සහභාගි වීම සඳහා 2022 ජූලි මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලද්දේ ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ බවත්, ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

IMG 0390

IMG 0391



ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ  විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළා යැයි කියන “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පෙරේදා (අප්‍රේල් 25) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්විණි.

ගාලුමුවදොර අරගල සුළියට හසුව තම දිවිසැරිය අහිමිව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ගේ පුතණුවන්ට, රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්‍ෂාන් ගේ බිරිඳට හා දියණියට ප්‍රථමයෙන් කෘතිය පිළිගැන්විණි.

කෘතිය එළිදැක්වීමේ උත්සවය දේශන දෙකකින් ද සමන්විත වූ අතර එම දේශන කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කෘතියේ කතුවර විමල් වීරවංශ අදහස් පළ කළහ.

එහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ඔහු මෙසේ සඳහන් කළේය.




සබැඳි පුවත්

විමල්ගේ කතාව ගැන ජූලි චන්ග් කනස්සල්ලෙන් !

නවය, සැඟවුණු කථාව : ගෝඨාභය හා රනිල් ඉවත්කරන ඇමරිකාව දුන්න ගේම !


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්