ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහ ව ද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්

වීරවංශ පවසයි.

ඔහු එබව සඳහන් කලේ ඔහු විසින් රචනා කළ, "නවය, සැඟවුණු කථාව" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදීය.

ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල් අධ්‍යනයකින් පසු, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රචනා කළ "නවය, සැඟවුණු කථාව" නම් කෘතිය එළිදැක්වීම ඊයේ (25) සිදුකෙරුණි. ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.

උත්සවය අමතමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ තවදුරටත් මෙසේද සඳහන් කළේය.

"මම මේ පොතේ කියනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහු ඉල්ලා අස්වෙන්න තීරණය කරපු අවස්ථාවේදී.. පළා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඔයා ඉල්ලා අස්වෙන්න කළින් අගමැති තනතුරේ ඉන්න රනිල්වත් අයින් කරලා ඔයා ඉල්ලා අස්වෙන්න කියලා. ගාමිණි සෙනරත් ලියුම් දෙකම හදළා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අත්සන් කළේ එක ලියුමටයි. ඒ එයා ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. දැන් රනිල් වික්‍රමසිංහ අයින් කරළාත් නැහැ ඉල්ලා අස්වෙලත් නැහැ.

ඔය වෙලාවේ එනවා කථානායක නිල නිවසට අමෙරිකානු තානාපතිනිය. මේක සමහර විට කථානාකතුමා ප්‍රකාශයක් කරයි එහෙම දෙයක් වුණේ නැහැ කියලා. එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා දැන් ගෝඨාභය අයින් වෙනවා ඔයා මේක භාර ගන්න. එතකොට කථානායකතුමා කියනවා එහෙම කොහොමද කරන්නේ තානාපතිතුමියනි ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩ බලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. ඉතින් මම කථානායක එයා ඉන්දෙද්දී මට බැහැ කියලා. ව්‍යවස්ථාව වැඩක් නැහැ අපි බලාගන්නම් ඔයා මේක ගන්න. ඊට කලින් දවසේ කථානයකතුමාට ඔය යෝජනාවම අරගෙන එනවා අපේ රටේ තියෙන යම්කිසි ආගමික සංස්ථාවක නායකතුමෙකුත්, ආගමික නායකයෙක් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කථානායකතුමාත් එක්ක පැය දෙකක් පමණ සාකච්ඡා කරලා කථානායකතුමා ඔය යෝජනාවට එකඟ කරගැනීම සඳහා උත්සාහයක් යනවා. ඒකෙදිත් කථානායකතුමා දැරුවේ අර ස්ථාවරය. ඒකේදී කථානායකතුමා ඒ වැඩේට එකඟකරගන්න ඒ අයට බැරිවුණා."

{gallery}Book 9{/gallery}



ගාලුමුවදොර අරගල සමයේ තම දිවිසැරිය අහිමිව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ගේ පුතණුවන්ට, රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්‍ෂාන් ගේ බිරිඳට හා දියණියට ප්‍රථමයෙන් කෘතිය පිළිගැන්විණි.

කෘතිය එළිදැක්වීමේ උත්සවය දේශන දෙකකින් ද සමන්විත වූ අතර එම දේශන කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ කෘතියේ කතුවර විමල් වීරවංශ විසින් සිදුකරනු ලැබිය.



335412756 772949101131246 1575796383513421912 n

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් හුවේ මින් ඇවිත්..


මෙම අවස්ථාවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, නිදහස ජනතා සභාවේ නායක, ඩලස් අලහප්පෙරුම, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, විජය ධරණී ජාතික සභාවේ නායක, පූජ්‍ය අතුරලියේ රතන හිමි, යුතුකම ජාතික සංවිධානයේ නායක, ගෙවිඳු කුමාරතුංග, ප්‍රියංකර ජයරත්න, ප්‍රේමනාත් දොලවත්ත, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න, ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් හුවේ මින් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර විසින් සිදු කරන ලදී.

 

{gallery}Book 9 -2{/gallery}

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්