රනිල්ට පොහොට්ටුවේ 126ක් ඉන්නවා. පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ යැයි කියා ප්‍රසන්න රණතුංග තැන තැන කියමින් යන කතාවේ සත්‍යතාවක් නැති බව පොහොට්ටුවට සම්බන්ධ ආරංචි

මාර්ග පවසයි.

රනිල්ගේ කල් මැරීම හා රනිල් සමග සිටින එජාපයේ ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් නිසා මේ වන විට පොහොට්ටුවේ සියයට අසූවක් පමණ දෙනා මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් කීප දෙනකුද කලකිරී සිටින බව එකී ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

සුසිල් ප්‍රෙමජයන්ත, විජේදාස රාජපක්ෂ හා ටිරාන් අලස් යන ඇමැතිවරුන් ස්වාධීනව කටයුතු කිරීමට රූචියක් දක්වන නමුත් වෙන්ඩ කැබිනට් අමාත්‍යවරුන් කීප දෙනකුගේ බධා කිරීම් හා බලපෑම් නිසා කලකිරීමට පත්ව ඇති බව කියවේ.

අරගලකරුවන් විනාශ කළ දේපලවලට මෙතෙක් වන්දි නොලැබීම නිසා පොහොට්ටුවේ බොහෝ පිරසක්ද ආණ්ඩුව සමග කලකිරී ඇත. වෛද්‍ය සීතා අරඹෙපලගේ මෝටර් රථය වෙනුවෙන් වන්දි ලබා දෙන්න යැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබියදීත් ආණ්ඩුවෙ ප්‍රබල අමාත්‍යවරයකු එය ක්‍රියාවට නොනැගීම නිසා තත්ත්වය තවත් බැරූරුම් වී තිබේ.

මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති පසුබිමකදීත් ප්‍රසන්න රණතුංග රනිල් වික්‍රමසිංහ උත්කර්ෂයට නගන්නේ ප්‍රසන්නගේ නඩු ටික බේරා ගැනීම සඳහා කරන උපප්ර වැට්ටයක් ලෙස යැයි පොහොට්ටුවේ පිරිසක් චෝදනා කරති .

‘‘එහෙම 126ක් පොහොට්ටුවේ ඉන්නවා කියන එකවත් ඊළඟ පොහොට්ටුවේ පොදු අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවටවත් පොහොට්ටුව තීරණයක් අරගෙන නෑ. ප්‍රසන්න කිව්වට කිසිම මන්ත්‍රීවරයෙක් එහෙහම කැමැත්තක් දීලා නෑ.‘‘ ඔවුහූ පවසති.

(උපුටා ගැනීම - අරුණ පුවත්පතින් aruna.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්