පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල කොවිඩ් වසංගතය හමුවේ ලෝකය පුරා ඇතිවූ තත්වයන් සමනය වීමෙන් පසු මෙවරත්

2023 අප්ප්‍රේල් මස 30 වෙනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි ඔබර්විලියේ Dr pieyre ක්‍රීඩාංගනයේ දි ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත් වුයේය.

පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමි ඇතුලූ ලාබුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යයස්ථානයේ විහාර වාසී ස්වාමීන් වහන්සේලා, කොටගම වාචිස්සර හිමි  බොලොමෙනිල් හී ජේතවනාරාම විහාරවාසී මුලනේ ගුනානන්ද හිමි, කිරින්දේ පේමසිරි හිමි, පැරීසියේ ලෙව්ලූවා කතෝලික දෙව් මැදුරේ ජනිත් කෞෂල්‍ය පියතුමා, මුස්ලිම් පුජක නවාෂ්, හින්දු ආගමික පූජකවරුන් ඇතුලූ සියලූම ආගම් නියෝජනයවූ පූජ්‍ය පක්ෂයේ සහාභාගිත්වයෙන් හා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මනිෂා ගුණසේකර ප්‍රධානත්වයෙන් සිරිත් පරිදි එදින උදේ 10 ට දහම් පාසැලේ දු දරුවන් විසින් ගායනා කල ජය මංගල ගී හඬ මධ්‍යයේ ප්‍රංශ - ශ්‍රී ලංකා ජාතික ධජයන් එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත්‍රානුකුලව හිසතෙල් ගෑමෙන් ද දුදරුවන් විසින් දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලූ පිලිගැන්වීමෙන් හා අවුරුදු සංග්‍රහා වලින්  පසු උත්සවයේ කටයුතු ආරම්භ වුයේය.

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමානයක් සහභාගි වූ මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරඟ වලින් සමන්විත වුයේය. කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය, කොට්ට පොර, පිරිමි, කාන්තා පොල් ගෑම තරඟය, බනිස් කෑම කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමරු කුමරියන් සදහා දහම් පාසැලේ දු දරුවන් බොහොමයක් සහභාගි වුයේය. බක්මහා උළෙල අවසානයේ ඉතාමත් අලංකාර සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත් වුයේය.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා දැක ගැනීමට ලැබුනු ගෞරවණිය සමාජමය සීමාවන් නොතකා ඒවා කෙලෙසෙන අයුරින් වර්තමාන ශ්‍රී ලංකාවේ නවීන සිංහල හින්දු අළුත් අවුරුදු උත්සව පවත්වන මෙවැනි කාලයක විදේශ රටවල් වල ජීවත් වෙමින් තම මව් බිමේ පැරණි සංස්කෘතීන් ඒ අයුරින්ම රැක ගනිමින් ඒවා පිලිපදිමින් විදේශ ගත ශ්‍රී ලාංකික අවුරුදු උත්සව පැවැත්වීම ප්‍රසශ්ත කටයුත්තකි.

මෙවර පැරීසියේ හා ඒ අවට පිහිටි බෞද්ධ විහාරස්ථාන මූලිකත්වයෙන් පැවැත්වූ සියලූම අවුරුදු උත්සවයන් සිංහල හින්දු අවුරුදු චාරිත්‍ර වලට මුල් තැන දෙමින් පැවැත්වීම අගේ කොට සැලකියයුතු කරුනකි.

පැරීසියේ තිසරාවී රංඟ කලායතනයේ දු දරුවන්ගේ අළංකාර නර්තන වලින් සංස්කෘතික ප්‍රසංගයේ බක්මහ වේදිකාව වර්නවත් වුනි. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ඇතුලූ  ගෞරවණිය අමුත්තෝ රැසක් සංස්කෘතික ප්‍රසංඟයේ අසුන් ගෙන සිටියෝය.


(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

View the embedded image gallery online at:
https://theleader.lk/news/16901-dr-pieyre1#sigProId75a2522b7b

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates