ලංකා විදුලිබල මණ්ඩලය ලිඛිතව ඉල්ලීම් කළ පරිදි ගල් අඟුරු නෞකා 30ක් මේවනවිටත් මෙරටට රැගෙනවිත් ඇතැයි ලංකා ගල් අඟුරු සමාගම පවසයි.


එම නෞකාවලින් 28 සහ 29 යන නෞකාවල ගොඩබෑම් කටයුතු මේවනවිට සිදු කරමින් පවතින බව එම සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර පැවසිය.

මේවනවිට මෙරට ගල් අඟුරු අවශ්‍යතාව සපුරා දී ඇති බැවින් යළිත් ගල් අඟුරු ගෙන ඒමේ වැඩසටහන ආරම්භ කරන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී බවද ඔහු සඳහන් කළේය.



දැනට මෙරටට ගෙන්වා ඇති ගල් අඟුරු නෞකා 30න් නෞකා 22ක් සඳහා පමණක් මුදල් සම්පූර්ණයෙන් ගෙවා ඇති බවත් ඉතිරි නෞකා 8 ණය පදනම මත ලබා ගෙන ඇති බවත් ඔහු කියා සිටියි.


කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේදී යළිත් ගල් අඟුරු ගෙන්වීම සදඟා අවශ්‍ය ක්‍රියාමාර්ග මේවනවිටත් සම්පාදනය කරමින් සිටින බව  ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර තවදුරටත් පැවසිය.

එහිදී සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ණයවර ලිපියක් හරහා අඩු වියදමකින් ගල් අඟුරු ලබා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කළ හැකි බවද ඔහු සඳහන් කළේය.



(nethnews.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්