ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවෙහි සඳහන් ආකාරයට 2022 වසරේ දී තෙල් සංස්ථාවට රුපියල් බිලියන 615 ක අලාභයක් සිදුව තිබේ.


2022 වසරේ දෙවන භාගයේ දී වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන ලද පිරිවැය පිළිබිඹු කෙරෙන මිල සංශෝධන මධ්‍යයේ වුවද, විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් සිදු වූ මූල්‍යමය අලාභ පදනම් කර ගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි (තෙල් සංස්ථාව) මූල්‍ය කාර්යසාධනය 2022 වසරේ දී තවදුරටත් අයහපත් විය.

ගෝලීය බොරතෙල් මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යෑම මධ්‍යයේ සිදුකරන ලද දේශීය මිල සංශෝධනවල බලපෑම කිසියම් දුරකට පිළිබිඹු කරමින්, විගණනය නොකළ තාවකාලික මූල්‍ය ප්‍රකාශනවලට අනුව, පෙර වසරේ රුපියල් බිලියන 41.3ක් වූ තෙල් සංස්ථාවේ මෙහෙයුම් අලාභය, 2022 වසරේ දී රුපියල් බිලියන 6.2කට සීමා විය.

2022 වසරේ මාර්තු සිට මැයි දක්වා කාලසීමාව තුළ එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියල නාමික වශයෙන් තියුණු ලෙස අවප්‍රමාණය වීමෙහි ප්‍රතිඵලයක් ලෙස තෙල් සංස්ථාවේ විනිමය අනුපාත විචල්‍යතා අලාභය රුපියල් බිලියන 527.0ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් තෙල් සංස්ථාවේහි මූල්‍යමය ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑමක් සිදු වී ඇත.


 ඒ අනුව, 2021 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 81.8ක අලාභයට (බදු පෙර) සාපේක්ෂව 2022 වසර තුළ දී තෙල් සංස්ථාවේ සමස්ත අලාභය රුපියල් බිලියන 615.1ක් විය. කෙසේ වෙතත්, පිරිවැය පිළිබිඹු කෙරෙන මිල සංශෝධන සහ විනිමය අනුපාතික විචල්‍යතාවන් ක්‍රමානුකූලව ස්ථාවර වීම හේතුවෙන් තෙල් සංස්ථාව 2022 වසරේ ජූලි මාසයේ සිට මාසික පදනම මත ලාභයක් (බදු පෙර) වාර්තා කළේය.

මේ අතර, තෙල් සංස්ථාවේහි මූල්‍ය ශක්‍යතාව වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස, රජය විසින් සහතික කරන ලද එ.ජ. ඩොලර් බිලියන 2.5ක් වූ තෙල් සංස්ථාවේහි විදේශ විනිමය ණය තොගය රාජ්‍ය ණය වගකීම් යටතට පැවරීමට රජය තීරණය කිරීමත් සමඟ, බැංකු ක්ෂේත්‍රය වෙත වූ තෙල් සංස්ථාවේහි විදේශ මුදලින් නාමනය කරන ලද නොපියවූ ණය ප්‍රමාණය සහ ආනයන බිල්පත් 2021 වසරේ අවසානයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 3.4 සිට 2022 වසර අවසානයේ දී එ.ජ. ඩොලර් බිලියන 0.2ක් දක්වා අඩු විය.

රාජ්‍ය ආයතනවලින් තෙල් සංස්ථාවට අයවිය යුතු සමස්ත හිඟ ණය මුදල, 2021 වසර අවසානයේ සිට 2022 වසර අවසානය වන විට රුපියල් බිලියන 220.3ක් දක්වා රුපියල් බිලියන 59.3කින් ඉහළ ගියේය. 2022 වසර අවසානයේ දී, ලංකා විදුලිබල මණ්ඩලය (ලං.වි.ම.) හා ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් අය විය යුතු හිඟ මුදල, තෙල් සංස්ථාව වෙත අය විය යුතු සමස්ත හිඟ මුදලින්, 2021 වසර අවසානයේ දී, වාර්තා වූ, පිළිවෙළින්, සියයට 38.6 සහ සියයට 51.5ට සාපේක්ෂව 2022 වසර අවසානයේ දී පිළිවෙළින්, සියයට 49.3ක් සහ සියයට 31.1ක් විය.

විනිමය අනුපාතිකය තියුණු ලෙස අවප්‍රමාණය වීමට සමගාමීව, විනිමය අනුපාතික බලපෑම හා ගැළපීම හේතුවෙන් 2022 වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් තෙල් සංස්ථාව වෙත අය විය යුතු හිඟ මුදලෙහි රුපියල් අගය කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.


(adaderana.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්