The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

කපිලගේ ඇපකරුවන් මාස පහට ග්‍රාම සේවා සහතික 17ක් අරන්

T

The Leader Desk

May 13, 2026 • 12:27 PM

කපිලගේ ඇපකරුවන් මාස පහට ග්‍රාම සේවා සහතික 17ක් අරන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි.
  • අනුරුද්ධ සඳහන් කළේ, කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා සම්බන්ධීකරණය කළ බව කියන 76 හැවිරිදි මැදිහත්කරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.
  • එමෙන්ම, එක් එක් සැකකරුවන්ට අදාළ චෝදනා සම්බන්ධයෙන් සම්පිණ්ඩිත වාර්තාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කෙසෙල්වත්ත පොලිසියට උපදෙස් ලබා දුන්නේය.
  • මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට ආසන්න සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ බී.ඒ.
අකුරු ප්‍රමාණය (Font Size):


සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි. අනුරුද්ධ සඳහන් කළේ, කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා සම්බන්ධීකරණය කළ බව කියන 76 හැවිරිදි මැදිහත්කරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි.

එමෙන්ම, එක් එක් සැකකරුවන්ට අදාළ චෝදනා සම්බන්ධයෙන් සම්පිණ්ඩිත වාර්තාවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කෙසෙල්වත්ත පොලිසියට උපදෙස් ලබා දුන්නේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට ආසන්න සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ බී.ඒ. තිස්ස යන සැකකරුවන්ය.

මේ අතර, සිද්ධියට අදාළ සිව්වන සැකකරු වන පෙරුමල් ගනේශ් නමැත්තාගේ හඳුනාගැනීමේ පෙරට්ටුව අද පස්වරු 1.00ට පැවැත්වීමට නියමිත බවද පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

අධිකරණය හමුවේ වැඩිදුර කරුණු දක්වමින් උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ඩි. අනුරුද්ධ සඳහන් කළේ, පළමු සහ දෙවන සැකකරුවන් විසින් 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ග්‍රාම නිලධාරී සහතික 17ක් ලබාගෙන ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇති බවයි.

ඒ අනුව පළමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මේ ආකාරයෙන් ඇප තැබීමේ කටයුතු සිදුකර ඇති අතර මොවුන් සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය පැවසුවේය.

මෙම සැකකරුවන් දෙදෙනා ඇප ලබාදීමට ඉදිරිපත් වූ කපිල චන්ද්‍රසේන නැමති සැකකරු මේ වනවට මියගොස් තිබෙන බවත් එම මරණයට හේතු වූ කරුණු පිළිබඳව තවමත් තීන්දුවක් ලබාදී නොමැති බවත් සඳහන් කළ පොලීසිය මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් මෙම සැකකරුවන් අප ඉල්ලීම්වලට විරුද්ධ වන බවත් සඳහන් කළේය.

එම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් සිදුකළ වරද සම්බන්ධයෙන් නිශ්චිත වගන්තියක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැති නිසා ඇප පනත යටතේ ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කිරීමට හැකියාවක් නොමැති බව පැවසීය.

එමෙන්ම එක් එක් සැකකරුට තිබෙන සාක්ෂි මොනවාදැයි දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළේය.  

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...