අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව ඇති බව එම බළ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම බළමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත.

රජරට විශ්ව විද්‍යාලයේ ඊයේ (20) පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

jzdfkljdsaf

පසුගිය 14 වන දින වසන්ත මුදලිගේගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ධූරය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මධුෂාන් චන්ද්‍රජිත් එසේ පත්කර ඇත.

මේ වන විට 28 හැවිරිදි මධුෂාන් 2015 වර්ෂයේදී උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තේරීපත්වූ ඇඹිලිපිටිය තෝරකොලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු 'පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයකු වන අතර විප්ලවවාදී ශිෂ්‍ය සංගමයට ලැදි අයකු ලෙස ද සැලකේ.

විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයක තනතුරක් නොදැරූ අයෙකු ලෙස අන්තරේ කැඳවුම්කරු ධූරයට පත් දෙවන පුද්ගලයා වන්නේද මධුෂාන්ය.

 

හදිසියේ පුරප්පාඩු වූ අන්තරේ කැඳවුම්කරු ධූරය සඳහා විශ්වවිද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් හරහා යෝජනා කිහිපයක් පැමිණිය ද ඒවා වලක්වාලමින් මධුෂාන් චන්ද්‍රජිත් කැඳවුම්කරු ලෙස පත්කිරීම උදෙසා පිටිය සකසමින් සිටි බව ඇතැම් මාධ්‍ය මීට පෙර  වාර්තා කර තිබිණ. ඒ අනුව පේරාදෙණිය, රුහුණ ඇතුලු විශ්වවිද්‍යාල කිහිපයක මහා ශිෂ්‍ය සංගම් නිළවරණය සඳහා සහභාගී කරනොගත් අතර එසේ සහභාගී කරනොගැනීමට විරෝධය පලකරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් කිහිපයක් නිළවරණය වර්ජනය කල බවද වාර්තා වේ.


මේ අනුව මධුෂාන් සඳහා එකඟතාව පලකල මහා ශිෂ්‍ය සංගම් වන්නේ අග්නිදිග, නැගෙනහිර, කැළණිය, රජරට, විවෘත යන විශ්වවිද්‍යාලවල මහාශිෂ්‍ය සංගම් පමණි.  මීට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිතවත් පීඨ ශිෂ්‍ය සංගම් කිහිපයක් ඔහුට පක්ෂව අදහස් පලකර ඇත.  

 වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් ‍රොඩ්‍රිගු, කැළණිය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති කොබෙයිතුඩුවේ සමිත හිමි ආදී අත්දැකීම් සහිත ශිෂ්‍ය නායකයින් අන්තරයෙන් ඉවත්කිරීමට මීට පෙර සැසිවාරයේදී තීරණය වී තිබූ අතර මධුෂාන්  ටතේරී පත්වීම පහසුකරවීමට එය ද හේතුවක් වූ බවට චෝදනා එල්ලවෙමින් තිබේ.
 

 නිළවරණය සඳහා ප්‍රධාන විශ්වවිද්‍යාලවල මහාශිෂ්‍ය සංගම් කිහිපයක්ම සම්බන්ධ කරනොගැනීමට තීරණය කර ඇත්තේ එම මහා ශිෂ්‍ය සංගම් තුල ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කණ්ඩායම් සිටින නිසායැයි පැවසේ. මෙලෙස ජවිපෙ හිතවාදී ශිෂ්‍ය කණ්ඩායම් නිළවරණයයෙන් ඉවත්කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ හිතවත් ශිෂ්‍ය කණ්ඩායම් එක්ව කටයුතුකර ඇති බවද වාර්තා වේ.

එමෙන්ම පේරාදෙණිය මහාශිෂ්‍ය සංගමය ඉවත් කිරීමට තවත් හේතුවක්ව ඇත්තේ මධුෂාන් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ හෝ නායකයකු නොවීමත්, එම නිසා පේරාදෙණියෙන්ම පැමිණිය හැකි විරෝධය වැලැක්වීමටත් බවද කියැවේ.


තවද අනෙකුත් ශිෂ්‍ය සංගම් නිළවරණය සඳහා සහභාගී වීම වැළක්වීම සඳහා අන්තරේ සැසිවාරය පෙර දැන්වූ පරිදි කැළණිය විශ්වවිද්‍යාලයේ නොපවත්වා රජරට විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට තීරණය කර තිබූ අතර එය අදාල පාර්ශව වෙත දන්වා තිබුනේ 20 දින, එනම් නිළවරණය පැවැත්වෙන දිනයේ අලුයමදීය.

 අග්‍නිදිග විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විසින් සිසුන් වෙත යොමුකරන ලද පණිවිඩයකින් මධුෂාන් කැඳවුම්කරු කිරීමේ රහස් සැලැස්ම තවදුරටත් තහවුරු වේ. එම පණිවිඩය අනුව 20 දින උදෑසන 11ට පමණ සිසුනට දන්වා තිබුනේ අග්නිදිග මහාශිෂ්‍ය සංගමයේ තීරණය ලෙස මධුෂාන් කැඳවුම්කරු තනතුර සඳහා සුදුසු බව අන්තරයට දැනුම් දුන් බවයි.


එහෙත් ස්ථානය වෙනස්කිරීම නිසා ප්‍රමාද වූ අන්තරේ සැසිවාරය 20 දින සවස් වන තුරු ආරම්භ වී පවා නොතිබුනි. අන්තරෙන් පසුව සිසුන් වෙතයැවීමට සූදානම් කරතිබූ පණිවිඩයක් අන්තරයට පෙර වැරදීමකින් එසේ පිටවී තිබු බවද වාර්තාවේ. 


 අන්තරේ නිළවරණය සඳහා ප්‍රධාන විශ්වවිද්‍යාල සම්බන්ධකර නොගත්තේ මන්දයන්න සහ අන්තරේ ප්‍රධාන ශිෂ්‍ය නායකයින් ඉවත්කර නිළවරණය කැඳවූයේ මන්ද යන්න පිළිබඳවකිසිඳු නිල ප්‍රකාශයක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙතෙක් මාධ්‍ය වෙත ප්‍රකාශකර නොමැත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඉවත්වී ළඟදීම නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිත බව 'ද ලීඩර්' (theleader.lk) මිට දින කිහිපයකට පෙර වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදී අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලි ගේ එම තොරතුරු තරයේ ප්‍රතික්ෂේප කර තිබිණ. එසේම, අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයෙන් තමන් ඉවත්වී නව කැඳවුම්කරුවකු පත්වීමට නියමිත බවට පලවී ඇති තොරතුරු මුළුමනින්ම අසත්‍ය බව වසන්ත මුදලිගේ අවධාරණය කර තිබිණ.



සබැඳි පුවත් :

අන්තරේට නව කැඳවුම්කරුවෙක් : 'තොරතුරු අසත්‍යයි' - වසන්ත මුදලිගේ

මුදලිගේ වෙනුවට අන්තරේට අලුත් කැඳවුම්කරුවෙක් !

 

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්