තමන් විපතට පත්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා තමන් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු නොකළ නිසා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමේ ඡන්ද

විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ බව රත්‍රන් තොගයක් නීති විරෝධිව දිවයිනට රැගෙන ඒමේ චෝදනාවට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම් පවසයි.

නෙත් එෆ් එම් බැලුම්ගල සිදුකළ ප්‍රශ්ණ කිරීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අදාල රත්‍රන් සහ ජංගම දුරකථන තමාගේ නොවන බවයි.

ඒවා තමා සමඟ සිටි හිතවතෙකුට අයත් බවත්, එම නිසා ඔහුට අදාල චෝදනා ගොනු කරන ලෙසත් තමන් සිද්ධිය වූ අවස්ථාවේදීම ජනාධිපති ලේකම්වරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව ඔහු කියා සිටියි.

එහෙත් ඔවුන් ඊට නිසි ප්‍රතිචරයක් නොදැක්වූ බව ඔහු අවධාරණය කර සිටියි.

 කෙසේවෙතත් තමන්ගෙන් අය කළ දඩ මුදල සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බව මන්ත්‍රිවරයා තවදුරටත් කියා සිටියේය.



නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී රේගු අත්අඩංගුවට පත්ව ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අලි සබ්රි රහීම් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අලි සබ්රි රහීම් මෙසේද පැවසීය.

'' ඒක මං කරපු වරදක් නෙමෙයි. මගේ ගෝලයෙක් තමයි ඒක ගෙනාවේ. හැබැයි මාධ්‍යයෙන් ගියේ මාව. මම මේ ගැන ජනාධිපති ලේකම්ට කිව්වා. අගමැතිට කිව්වා. කවුරුත් බලන්නං කිව්වා. නමුත් මට අසාධාරණයක් වුණා. වැරැද්දක් නැතුව මම ලක්ෂ 75ක් දඩ ගෙවලා තමයි එළියට ආවේ. ඒ නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.

මගේ ගෝලයෙක් තමයි මේ බෑග් එක පැක් කළේ. මගේ බෑග් එකටත් ඒව දාල .එයා කරපු වැරැද්දට අන්තිමට අහු වුණේ මම. කස්ටම් එකෙන් එයත් අත්අඩංගුවට ගත්තා. ඒත් ඔක්කොම දඩ ගෙව්වේ මම.

මේ වගේ අසාධාරණයක් මට වෙනකොට ආණ්ඩුවත් එක්ක ඉදල මොකටද? මේ වගේ වෙලාවක මාව බේරුවේ නැත්නම් ආණ්ඩුවත් එක්ක ඉඳල වැඩක් නෑනේ. ඒකයි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ '' යනුවෙන් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා පැවසීය.

 
අලි සබ්‍රි රහීම් මෙරටට ගෙනා රත්‍රං ඇතුළු භාණ්ඩ රාජසන්තක කෙරේ


පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මෙරටට රැගෙන ආ රත්‍රං ඇතුළු සියලු භාණ්ඩ රාජසන්තක කර තිබේ.

වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ, රත්‍රං කිලෝග්‍රෑම් 3.5 ක් සහ ජංගම දුරකතන 91 ක් එලෙස රාජසන්තක කළ බවය.

අදාළ රත්‍රං තොගය සහ ජංගම දුරකතනවල වටිනාකමක රුපියල් කෝටි අට හමාරකට අධික වේ.

වැඩබලන මුදල් අමාත්‍යවරයා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ට රුපියල් ලක්ෂ 75 ක දඩයක් ද පනවා ඇති බවයි.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්, රත්‍රං බිස්කට් තොගයක් සමග පෙරේදා (23) පෙරවරුවේ රේගු භාරයට ගැණුනි.

කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගැණුනේ, මන්ත්‍රීවරයා ඩුබායි සිට පැමිණි අවස්ථාවේදීය.

ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී කොළඹ රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් මන්ත්‍රීවරයා සිය භාරයට ගෙන තිබුණි.
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්