ජනප්‍රිය සමාජ මාධ්‍ය ප්‍රකාශකයකු වන රාජංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.


උන්වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශවලින් ජාතින් අතර නොසන්සුන්තාවයක් ඇතිවීමේ ඉඩකඩක් ඇතිබවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) රාත්‍රී අනුරාධපුරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 රට තුල ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිකරලීමට කුමන්ත්‍රණය කරන සියලුදෙනා සම්බන්ධයෙන් නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට නියෝගකර ඇතැයි වාර්තාවේ.


බුද්ධාගමට අපහාසවන අකාරයේ ප්‍රකාශයක් කල බවට සමාජයේ දැඩි කතාබහට ලක්වූ නතාෂා එදිරිසූරිය, ඊයේ  (මැයි 28 වැනිදා) අළුයම සිංගප්පුරුව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

අනතුරුව ඇය අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 07 දක්වා රක්ෂීත බන්ධනාගාර ගතකරනු ලැබිය.



ආගමික නිදහසට නව පනතක් !


මේ අතර බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක පවසන්නේ, ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව නව පනතක් ගෙනඒමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

ආගම්වලට අපහස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඇමතිවරයා පැවසිය.

පසුගිය දා බුදුදහමට අපහස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසුරිය අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ සෘජු මැදිහත්වීමෙන් බවද විදුර වික්‍රමනායක අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මෙසේද පැවසිය.

"මේ සිදුවීගෙන යන ක්‍රියාවන් සම්බන්ධව, මේවා වැළැක්වීමට පොලීසිය හා සම්බන්ධව අපි වැඩපිළිවෙළක් යොදාගෙන තිබෙනවා. මම දැක්කා කොහෙදී හෝ කියලා තියෙනවා බුද්ධ ශාසන අමාත්‍යාංශය නිදාගෙන ඉන්නවා කියලා. නෑ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇහැරිලා පැය 24ම. ඒ නිසාම තමයි පැය ගණනක් ඇතුළත් මෙවැනි දේවල් අන්තර්ජාලයට මුදාහරින කොටම ඒ පිළිබඳව පියවර ගත්තේ. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආගමික නිදහස සහ කරුණු විකෘති කිරීම පිළිබඳව පනතක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට."


සබැඳි පුවත් :
ප්‍රහසන ශිල්පිනි නතාෂා රිමාන්ඩ් !

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්