1200 x 80 DMirror

රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්‍රාහක කුටිවල (එම්සාන් පෙට්ටි‍යේ) අඩංගු විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීම පිටුපස

එම තැටිවල ඇති රත්තරන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස වෙත උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති එම ග්‍රාහක කුටිවලින් විද්‍යුත් මෘදුකාංග තැටි සියයකට අධික ප්‍රමාණයක් සොරාගෙන තිබේ.

ඒ අයුරින් ගනේමුල්ල බොරැල්ල ,මාලබේ, නවගමුව අතුරුගිරිය කොට්ටාව හෝමාගම ආදී ප්‍රදේශ වල ස්ථාපිත කර තිබෙන දුරකථන ග්‍රහක කුටි 9 කින් එම මෘදුකාංග තැටි තොගය සොරා ගෙන වූ අතර නවගමුවේ පමණක් දුරකථන ග්‍රහක කුටි තුනකින් විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගෙන තිබිණි.

ඉකුත් 25 වෙනි දින අවසන් වරට කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ දුරකථන ග්‍රහක කුටියකින් විද්‍යුත් මෘදුකාංග තැටි 15 ක් සොරා ගෙන තිබිණි.
 
 
මෙම සොරකම් හේතුවෙන් දුරකථන පරිශීලකයන්, වයි ෆයි , පියෝ ටීවී ඇතුළු එම දුරකථන ග්‍රාහක කුටියේ අඩංගු කර තිබෙන විද්‍යුත් මෘදුකාංග තැටි හරහා සේවය ලබාගත් පාරිභෝගිකයන් ලක්ෂ ගණනාවක් දැඩි අපහසුතාවයට පත් විය.
 
 
ඒ සම්බන්ධයෙන් මෙන්න රජයට සිදුවන විශාල පාඩුව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ට කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දීම ලබාදී ඇත.

අදාල විද්‍යුත් මෘදුකාංග තැටි නිෂ්පාදනය කිරීමේ දී එක් මෘදුකාංග තැටියකට රත්තරන් ග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක් අඩංගු කරන බවත් එයට හේතුව සන්නිවේදන කටයුතු වේගවත් කිරීමට බව ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය.

(lankadeepa.lk)


JW


WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය