1200 x 80 DMirror

රුපියල් කෝටියකට අධික වටිනා පවුම් 6 ක් බරති රන් මුද්දක් හා ඇමෙරිකන් ඩොලර් පන්දහක්

සහ මුදලින් රුපියල් ලක්ෂයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ සහෝදරයකු වූ චමින්ද සිරිසේන පැමිණිල්ලක් කළ බව පොළොන්නරුව පොලීසිය කියයි.

පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී නිල් මැණික් ඔබ්බන ලද මුදුව සහ මුදල් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි.

පවුම් හයක මුද්ද සහ මුදල් කවුරුන් සොරකම් කළේද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි.

(lankadeepa.lk)

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය