1200 x 80 DMirror

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූ උත්සවයක්

අද (ජූනි 1 දා)  සවස ටවර් හෝල් රඟහලේදී පැවැත්විණ.

ඒ වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වූ වර්ථමානයේ ශ්‍රී  ලංකා ඇඟැලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික ලියනහේවගේ විසින් රචිත Managing Mindfully නැමති ඉංග්‍රීසි ග්‍රන්තය දොරට වැඩීමේ උත්සවයයි.

මෙහි විශේෂත්වය වූයේ හිටපු ජනාධිපතිවරයාට වියත්මග සංවිධානය ගොඩනැගීමට උදව් කල විශාල පි‍රිසක් ග්‍රන්ථයේ කතුවරයාගේ හිතවත්කම මත උත්සවයට සහභාගී වී සිටීමයි.

ඒ අතර ආචාර්ය නාලක ගොඩහේවා, අද්මිරාල සරත් වීරසේකර, ජෙනරල් කමල් ගුණරත්න විශේෂයෙන්ම කැපි පෙනුන අතර විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර, ජයම්පති මොල්ලිගොඩ, චම්පි අමරසේකර, මනෝරි උනම්බුව වැනි ගෝටාභය රාජපක්ෂ පාලන කාලයේ හිටපු සභාපතිවරුන් හා හිටපු තානාපතිවරුන් ගනනාවක්ම උත්සවයට සහභාගී වී සිටියේය.  

ඉන්දික ලියනහේවහේගේ ඥාතීන් හා ව්‍යාපාරික සගයන් හැරුන විට ශාලාවේ වැඩි පිරිසක් හිටපු වියත්මග ක්‍රියාකාරිකයන් වීම විශේෂත්වයකි.

උත්සවයට සහභාගී වී සිටි තවත් විශේෂ අමුත්තෙක් වූයේ ඩලස් අලහපෙරුම මන්ත්‍රීවරයායි.

මෙම උත්සවය, ගෝටාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරයෙන් ඉවත් වූවාට පසු දේශපාලන හේතුවකින් තොරව පරණ මිතුරන් සමග එකතු වූ සුවිශේෂී අවස්ථාවකි.

 
මෙම අවස්ථාවේදී ඉන්දික ලියනාරච්චි ගේ මෙම කෘතියට අදාළ නිල වෙබ් අඩවිය (www.managingmindfully.com ) විවෘත කිරීම ගෝඨාභය රාජපක්ෂ අතින් සිදුකෙරිණ.

හිටපු ජනාධිපතිවරයා උත්සවයෙන් පසුවද බොහෝ වෙලාවක් තම පැරණි හිතවතුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටියේය.  

.

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්