හිටපු යුද හමුදාපති සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා

සිය නීතිඥවරුන් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ට එන්තරවාසියක් යවා තිබේ.

'නවය: සැඟවුණු කතාව' ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී එම ග්‍රන්ථයේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් තමා රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් සඳහා සහාය දැක්වූයේ යැයි කළ ප්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත බව සඳහන් කරමින් එම එන්තරාවසිය යොමුකර ඇත.

ඊට පසුව රූපවාහිනී වැඩසටහනක දී සහ තවත් අවස්ථා කිහිපයකදීද මන්ත්‍රීවරයා මේ ආකාරයට තමා සම්බන්ධයෙන් අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කළ බව එම එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.

තමා සහ ශ්‍රී ලංකා  යුද්ධ හමුදාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය මෙන්ම පදනම් විරහිත බවත්, පුරා වසර හතළිහකට ආසන්න කාලයක් මාතෘ භූමිය සහ ජාතිය වෙනුවෙන් කළ මෙහෙවර දේශීය සහ විදේශීය වශයෙන් ලබාගත් ගෞරවය සහ කීර්ති නාමය මෙම ප්‍රකාශයෙන් හානි වන බවත් ඔහු මෙම එන්තරවාසියේ සඳහන් කර ඇත.

මන්ත්‍රීවරයාගේ දේශපාලන අවශ්‍යතා මුදුන්පත් කරගැනීම සඳහා මෙම අසත්‍ය චෝදනා හිතාමතාම නිර්මාණය කර තිබෙන බවද එම එන්තරවාසියෙන් වැඩිදුරටත් කරුණු පෙන්වාදී තිබේ.


“නවය; සැඟවුණු කතාව” ගැන විමල් සහ මාධ්‍ය ප්‍රධානීන් අතර සංවාදයක් 

පසුගිය අඟහරුවාදා දින සවස “නවය; සැඟවුණු කතාව” කෘතිය පිළිබඳ හරවත් සංවාදයක් සඳහා පැමිණෙන ලෙස කෘතියේ කතුවරයා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසකට ඇරැයුම් කොට තිබිණි.

එම ඇරයුම පිළිගනිමින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

විමල් වීරවංශ එහිදී පැමිණි සිටි සැම පිළිගනිමින් පවසා සිටියේ කෘතිය පිළිබඳව දැනටමත් සමාජයෙහි මතුව ඇති කතිකාවත තවදුරටත් පුළුල් කිරීමට මෙම සංවාදය බෙහෙවින් දායක වනු ඇති බව ය.

මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, ගාමිණී වලේබොඩ හා උද්දික ප්‍රේමරත්න ද එක්ව සිටියහ.

{gallery}wimal weerawansha{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්