1200 x 80 DMirror

ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත වැඩි ජන්ද 5 කින් තේරී පත්වෙයි.

ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ඊයේ පැවති උණුසුම් ජන්ද සටනකින් අනතුරුව දොලවත්ත මහතා මුල්වරට එම තනතුරට පත්විය.

වසර 2007 දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් පසු මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජිම්නාස්ටික් සංගමයේ මුල්පුටුව භාරගැනීම විශේෂත්වයකි.

හිටපු ජනාධිපති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන 2005 දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර 1998 දී ශ්‍රීලංකා ජිම්නාස්ටික් සංගමයේ සභාපතිවරු ලෙස කටයුතු කර ඇත.

කොළඹ කුගණියා මොනයිරෝ ක්‍රීඩා සමාජයෙන් නාමයෝජනා දුන් දොලවත්ත සමඟ කොළඹ මිත්‍රත්ව ක්‍රීඩා සමාජයේ කරුණාදාර පෙරේරා ජිම්නාස්ටික් සභාපති තනතුරට තරඟ කල අතර එහිදී දොලවත්ත ජන්ද 27 ක් හා කරුණාදාර ජන්ද 22 ක් ලබා ගත්හ.

ජිම්නාස්ටික් සභාපති තනතුරෙන් පරාජය වූ කරුණාදාර පෙරේරා ලේකම් තනතුරට තරඟ කල අතර, සංගමයේ හිටපු ලේකම්වරයෙකු වූ උදාර ලියන්වල ජන්ද 37ක් හා කරුණාදාර ජන්ද 22ක් ලබාගැනීමෙන් ලියන්වල වැඩි ජන්ද 15කින් ලේකම් ධුරයට පත්විය.

මෙවර ජිම්නාස්ටික් නිලවරණයට ක්‍රීඩා සමාජ 27 කින් ජන්ද 56 ක් ලියාපදිංචි වී තිබු අතර එයන් ජන්ද 50 ක් ගත් කපිල ජීවන්ත ජේෂ්ඨ උප සභාපති තනතුරට පත්විය.

එය ජිම්නාස්ටික් නිලවරණ ඉතිහාසයේ ජන්ද විමසීමකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම ජන්ද ගණන ලෙස සටහන් විය. අනෙක් උප සභාපති තනතුරට දකුණු පළාත නියෝජනය කළ කෝකිල නිමේෂ් කලුආරච්චි (ජන්ද 40) හා ඇරීනා ක්‍රීඩා සමාජයේ කරුණාරත්න පෙරේරා (ජන්ද 27) යන අය තේරී පත් වුහ.

භාණ්ඩාගාරික තනතුරට ටොරින්ටන් ක්‍රීඩා සමාජයේ සෙල්ලවමුත්තු ඉලෙන්ගොවින් නිතරඟයෙන් තේරී පත් වූ අතර උප භාණ්ඩාගාරික තනතුරට නාමයෝජනා 2 ක් ඉදිරිපත්වී තිබුන ද ඔවුන් එම තනතුර වෙනුවෙන් සුදුසුකම් සපුරා නැති යැයි පවසා ප්‍රතික්ෂේප කෙරිණි.

උප ලේකම් තනතුර වෙනුවෙන් පැවති ජන්ද විමසීමේදී කුරුණෑගල ජිම්නාස්ටික් සංගමයේ අක්රාම් පුරම් ජන්ද 32 ක් හා ටැලන්ට් ක්‍රීඩා ජිම්නාස්ටික් සමාජයේ ලක්වින් රණසිංහ ජන්ද 5 ක් ලබාගත් හෙයින් අක්රම් වැඩි ජන්දයෙන් එම තනතුරට පත් විය. 

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්