ප්‍රසිද්ධ ස්ථානයකදී දෙමළ මන්ත්‍රීවරයකුට වෙඩි තැබීමට උත්සාහ කළ පොලිස් නිලධාරියකුගේ

අනන්‍යතාව හෙළි කිරීම ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ තරුණ ක්‍රීඩකයන් පිරිසක් සමග එළිමහනේ සාකච්ඡාවක සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඉලක්ක කොට අසල ගොඩනැගිල්ලකට මුවාවී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියකු පිස්තෝලයක් එල්ල කර ඇත.

dfgr44

zsdfzsdf

ගිනි අවිය එල්ල කළ පුද්ගලයා සැබවින්ම පොලිස් බුද්ධි අංශ නිලධාරියකු බව සිද්ධිය වූ ස්ථානයට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු විසින් තහවුරු කරනු ලැබුවද වෙඩික්කාරයා කවුරුන්ද යන්න හෙළි කරන ලෙස මන්ත්‍රීවරයා කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

‘මරුදන්කේනි වැඩබලන පොලිස් ස්ථාන භාර  නිලධාරි  ජයතිස්ස’ යැයි කියාගත් නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියාද ඔහුගේ අනන්‍යතාව ඉදිරිපත් කර නොමැත.

TNPF නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සිකුරාදා (ජුනි 02) එහි පැමිණ ඇත්තේ වඩමාරච්චි නැගෙනහිර ක්‍රිකට් සමාජයේ ආරාධනයෙනි. ක්‍රිකට් ක්‍රීඩකයන් මන්ත්‍රීවරයා කැඳවා තිබුනේ තරගාවලියක් සංවිධානය කිරීමට සහාය ඉල්ලා ගැනීමටය.

මරුදන්කේනි මහජන ක්‍රීඩා පිටියේ රුක් සෙවනක සාකච්ඡාව පැවැත්වෙන අතරතුර යතුරුපැදියකින් අනාරාධිතව එහි පැමිණි දෙදෙනෙකු මන්ත්‍රීවරයා පිටුපසින් සිට ඇත.

මොවුන් කෙරෙහි සැක පහල කළ TNPF හි පර්යේෂණ නිලධාරි තීපන් තෙලිෂාන් ඔවුන් වෙත ගොස් මෙහි කුමක් කරන්නේ දැයි විමසු විට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් බවත්, එහි පැමිණියේ ‘නීත්‍යානුකූල නොවන’ බව කියන රැස්වීමක් විමර්ශනය කිරීමට යැයි පවසා තිබේ.

මහජනයා එක්රැස් වෙන ඕනෑම අවස්ථාවකට පොලිසියේ සහ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පැමිණීම සුලභ දසුනකි. එහෙත් අපහසුතාවයට පත් වූ මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ ඔවුන්ගේ අනන්‍යතාවය සොයා බලන ලෙසයි.

“මම ඇමති ආරක්ෂක අංශයේ (MSD) ආරක්ෂාව ගන්නේ නැහැ.  ඒ නිසා මට මගේ ආරක්‍ෂාව ගැන බලාගන්න ඕන, ඔයාල අපිට නිසි රාජකාරි හැඳුනුම් පත්   පෙන්නන්න.” යැයි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අමුත්තන් දෙදෙනාට කීවේය.

දෙදෙනා හැඳුනුම්පත ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර එක් අයකු ඉන් ඉවත්ව යාමට උත්සාහ කිරීමේදී මන්ත්‍රීවරයා එම පුද්ගලයා වැළැක්වීමට උත්සාහ කර ඇත.

"මම ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කළ විට, ඔහු මට ඔහුගේ හෙල්මට් එකෙන් ගහලා පැනලා ගියා. " ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා පැවසීය.

TNPF ආධාරකරුවන් ඇතුළු ජනතාව අනෙක් පුද්ගලයා අල්ලාගෙන  ප්‍රශ්න කර සිටිය දී ඔහු ජංගම දුරකථනය ඔස්සේ සිංහලෙන් තවත් අයකුට කතා කර තිබේ.

මේ අතර අසල යාබද පාසල් ගොඩනැඟිල්ල තුළ සිටි නිල පැහැති ටී ෂර්ටයකින් සැරසී සිටි තවත් පුද්ගලයකු කෑ ගසන්නට පටන්ගෙන තිබේ.

“එයා සිංහල භාෂාවෙන් අමු කුණුහරුප දොඩවමින් අපි අල්ලාගෙන සිටී පුද්ගලයා ‘අපේ මිනිහා’ යැයි කියා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. ඊට පස්සේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයෝ එයා මට පිස්තෝලයක් එල්ල කළා කියලා කෑගහන්න පටන් ගත්තා.” ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පැවසීය.

මිනිත්තු කිහිපයකට පසු එම ස්ථානයට පැමිණි පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු තමන් මරුදන්කේනි පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ජයතිස්ස ලෙස හඳුන්වා දුන්නද මන්ත්‍රීවරයාට අනුව ඔහු කිසිදු අනන්‍යතා හැඳුනුම්පතක් පෙන්වා නොමැත.

“මට ගිනි අවිය එල්ල කළ පුද්ගලයා පොලිස් බුද්ධි අංශ නිලධාරියකු බව ඔහු තහවුරු කළා. එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මාව හොඳින්ම හඳුනා ගත්තත්, එම පුද්ගලයාගේ හැඳුනුම් පතක් මට පෙන්වීම ඔහු  ප්‍රතික්ෂේප කළා.``

අනන්‍යතාව තහවුරු කිරීම ප්‍රතික්ෂේප කිරීම, පහරදීම සහ වෙඩි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ඉල්ලීම මරුදන්කේනි වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර රැස්වීම කඩාකප්පල් කළ දෙදෙනා ‘දඬුවම් මාරු’ මත යැවීමට පමණක් ඔහු පොරොන්දු තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක් පතතින්

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්