භාෂණයේ නිදහස සීමා කිරීමට කටයුතු කරනවා නම්, එය බුදු දහමට පටහැනි බව

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර අවධාරණය කර සිටියි.

යහපාලන සමයේදී නීතිගත කළ 'සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත' බෞද්ධ දර්ශනයට මුළුමනින්ම පටහැනි බවද දිලිත් ජයවීර පවසයි.

ඔහු එබව කියා සිටියේ පොසොන් පොහොය නිමිත්තෙන් පොළොන්නරුවේ පැවති ආගමික උත්සවයකට සහභාගී  වෙමිනි. 

 

ICCPR පනතට යටතේ සැකකරුවන් තිදෙනෙක් රිමාන්ඩ්

ndklfhd


බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය හා ඇයට ඒ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් SL Vlog යූටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ජුනි 01වැනිදා නියෝග කරනු ලැබිය.

අධිකරණය විසින් එවැනි නියෝගයක් දෙනු ලැබුවේ, මෙම සැකකරුවන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවත් විමර්ශන කටයුතු මූලික අවධියේ පවතින හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදීය.

එසේම, රාජාංගනයේ සද්ධාරත්න හිමියන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇත්තේ ද  ICCPR පනත යටතේ ය.


'නතාෂාට එරෙහිව ICCPR එපා' - තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් පොලිස්පතිට ලිපියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින නතාෂා එදිරිසූරියට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුත පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබේ.

මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය මෙම පනත භාවිත කළේ පුද්ගලයන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සීමා කිරීමට බව සිදුවීම් කිහිපයකදීම පැහැදිලි වී ඇති බව පවසන ඔවුහු, මෙම සම්මුතියේ 20 වැනි වගන්තියේ සඳහන් වන කරුණු සලකා බැලිය යුත්තේ එම සම්මුතියේ 19 වැනි වගන්තියේ සඳහන් වන අදහස් ප්‍රකාශය කිරීමේ නිදහස සමඟ බව වැඩි දුරටත් එහි සඳහන් කොට තිබේ.



සබැඳි පුවත් :

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

ICCPR පනත ගැන එක්සත් ජනරජ පෙරමුණේ මතය කුමක්ද?
 

 

 
 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්