ලෝක පරිසර දිනයේ 50 වැනි සැමරුම අදට (ජුනි 05 වැනි දිනට) යෙදී තිබේ.



ප්ලාස්ටික් නිසා සිදුවන පරසර විනාශය ගැන මෙවර වැඩි අවධානයක් යොමු වී ඇත.

"ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු" යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

''ලංකාවේ දවසකට ප්ලාස්ටික් සහ පොලිතින් ටොන් 900 - 950ක් පරිසරයට බැහැර කරන බවට අනුමාන කරලා තියෙනවා. ඒකෙන් අපි එකතු කරන්නේ 50% වගේ ප්‍රමාණයක්. එයිනුත් ප්‍රතිචක්‍රිකරණයට යොමු කරන්නේ 10% - 15% අතර ප්‍රතිශතයක් '' යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ BBC සිංහල සේවයට පැවසුවේය.

කොයිතරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් දිනපතා පරිසරයට බැහැර කෙරුණ ද ඒවා විධිමත් ලෙස එකතු කිරීමේ යාන්ත්‍රණයක් නොමැතිකම නිසා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණයට අදාල කර්මාන්තවලට ප්‍රමාණවත් තරම් ප්ලාස්ටික් නොමැති වීමේ ගැටලුවක් ද තිබේ.

පරිසර දිනය සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මෙසේද සඳහන් කළේය.

"සෑම වසරකම ජුනි 5 වෙනිදා ලෙස 1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත්ත තීරණයකට අනුව පුරා වසර 50ක් තිස්සේ, පරිසර දිනය සැමරෙනවා. ලංකාවේ අපි ජගත් පරිසර දිනයේ, මෙවර තේමාව කාලීන මාතෘකාවක්. "ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු" කියන මාතෘකාව ඔස්සේ වැඩසටහන් කිහිපයක් ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ මධ්‍යම පරිස අධිකාරිය විසින් ලංකාව තුළට පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන එන ආයතන විදිමත් කිරීම හා එක්වරක් පමණක් භාවිත කර ඉවතල ප්ලාස්ටික් වර්ග 4ක් තහනම් කිරීම තුළින් ප්ලාස්ටික් නැණවත් භාවිතයකට හුරු කිරීමත් දැනුවත් කිරීමේ වැඩසටහන් ලංකාව පුරා මධ්‍යම පරිසර අධිකාරියෙන් ක්‍රියාත්මක කිරීම මඟින් පරිසර දිනය සැමරීමට නියමිතය. ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද උදෑසන සිට දහවල් 2 දක්වා පැවැත්වේ."



JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්