කොම්පඤ්ඤ වීදිය, නවම් මාවතේ පිහිටි 'ග්‍රීන් ලංකා' ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගයින් 23 දෙනෙකු ඊයේ (04) උදැසන අත්අඩංගුවට ගෙන ඇත.



පොලීසිය පැවසුවේ ගොඩනැගිල්ලේ දේපළවලට හානි කිරීමේ චෝදනා මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

පසුව එම සැකකරුවන්ව ඇප මත මුදාහැර තිබේ.

පොසොන් පොහෝදා (03) රාත්‍රී 10.30 ට පමණ 80කට ආසන්න පිරිසක් මෙම ගොඩනැගිල්ලට කඩා වැදි ඇත.  ඒ අනුව පොලිසිය එම ස්ථානයට එන අවස්ථාවේ දී එසේ කඩා වැදුන පිරිසෙන කොටසක් පැනගොස් ඇති අතර 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් එම ගොඩනැගිල්ලට ඇතුළු වී හැසිරෙන ආකාරය ජංගම දුරකථනවලින් රූගත කර තිබුණි.

මෙම ගොඩනැගිල්ල තුළ දේශීය හා විදේශීය සමාගම් කිහිපයක් ම කාර්යාල පවත්වාගෙන යයි.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ, ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පවතින අරවුලක් මෙම සිද්ධියට මුල්වී ඇති බවයි. එම ගනුදෙනුව අධිකරණය හමුවේ විසඳාගැනීමට දෙපාර්ශවය එකඟවී ඇතැයි පැවසේ. 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්