වයසින් වැඩි හෝ අඩු වුවත් ජාති ආගම් පන්ති පක්ෂ කුල මල, භේදයකින්, තොරව මෙරටේ ලක්ෂ 220ම තමාගේ මිත්‍රයින් බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.


පාසල් උත්සවයක තමා මිත්‍රවරුනි යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ දුවා දරුවන් පවා හතුරන් නොව මිතුරන් යන අර්ථයෙන් බවත්, මිත්‍රත්වයේ හස්තය දිගු කරනු ලබන්නේ තමන්ට වාසි ලබා ගැනීමට නොව දුදරුවන්ට සදාකාලික සම්පතක් වන අධ්‍යාපන සම්පත දායාද කරනු ලබන මිත්‍රත්වයේ හස්තයෙන් බවයි සජබ නායකයා පෙන්වා දෙන්නේ.

තමා දරුවන්ට මිත්‍රයිනේ කියු විට එක් පුද්ගලයෙක් එය විවේචනය කළ බව කී සජිත් ප්‍රේමදාස ඔවුන් වගේ දරුවන් සතුරන් ලෙස දකිමින් පාසල් ගිනි තියමින් තමා කටයුතු නොකළ නිසා දරුවන්ටද මිත්‍රත්වයේ දෑත් දිගු කළ බව පැවසීය.

තමාට සතුරු යන වචනය පුරුදු නැති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 166 වැනි අදියර යටතේ ගම්පහ අත්තනගල්ල ඌරාපොළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි ඔහු මේ බව සඳහන් කළේය.

සිංහල පමණයි දමිල පමණයි කිය කිය එකතු කරන්නේ දරුවන්ට යමක් දිමට නොව තම ඡන්ද මල්ල ගොඩ දමා ගැනීමට බවත් මේ මුසාවට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටි.

බොරු අන්ත වාමවාදි දේශපාලනය පෙරටු කරගෙන පාසල් හා විශ්වවිද්‍යාල, පුස්තකාල, විද්‍යාගාර ගිනිතියන යුගයක් තිබු නමුත් එම යුගය නැවතත් අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්