leader s

යුද සමයේ මියගිය හා අතුරුදන් වූ සියළුම පුද්ගලයන් ගැන සමස්ත සමාජයම සංවේදී ලෙස ක්‍රියාකල යුතුව ඇතැයි

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' පවසයි.

 යුද සමයේ මරණයට පත් වූ සහ අතුරුදන්වීම්වලට ලක් වූ ශ්‍රී ලාංකේය පුරවැසියන් සිහිපත් කරමින් මුතූර් ප්‍රදේශයේ කැඳ දන්සැලක් සංවිධානය කිරීමට එරෙහිව රජයේ බලධාරීන් දක්වා ඇති ප්‍රතික්‍රියාවන් පිළිබඳව තම සංවිධානය අතිශයින්ම කම්පාවට පත්වන බව 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති කරු ජයසුරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

  තම සමීපමයන් මරණයට පත්වීම හා අතුරුදන්ව සිටීම පිළිබඳව වින්දිත පාර්ශ්වයන්ට ඇති වේදනාව සමාජයක් ලෙස අප සංවේදීව වටහා ගත යුතු බවත්, එමෙන්ම එවැනි තත්ත්වයන් මේ රට තවත් අඳුරු යුගයකට යොමුකරවීම සඳහා  ඉවහල් නොකර ගැනීමද සමාජයේ වගකීමක් බවත් හිටපු කතානායක කරු ජයසුරිය අවධාරණය කර සිටියි.

 රජයේ බලධාරීන් ද ඇතුළු සමස්ත සමාජයම මෙවන් අවස්ථාවන්හිදී කටයුතු කල යුතුව ඇත්තේ රටේ පොදු යහපත පෙරදැරි කොටගෙනය. එසේ නොවුනහොත් එය අප රට නැවැත අදුරු යුගයකට තල්ලුකර දැමීමට ද හේතු සාධක විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

''එබැවින් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ලෙස අප පසුගිය කාලය තුළ මේ රටේ සිදු වූ විවිධ අවාසනාවන්ත තත්ත්වයන් තුළ මියගිය හා අතුරුදන්වූවන් සියළුම දෙනා පිළිබඳව කම්පාවටත් වේදනාවටත් පත්වන අතර නැවැත එවැනි තත්ත්වයන් ඇති නොවීමට පරිසරයක් නිර්මාණය කරගැනීම හරහා ඔවුන් සියළුම දෙනා වෙත යුක්තිය ඉටුකිරීමට කැපවන ලෙස සියළුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු'' යයි කරු ජයසුරිය ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


සබැඳි පුවත් :

නැගෙනහිර කැඳ දන්සලක් වැසීමේ පොලිස් උත්සාහය අසාර්ථකයි

‘ත්‍රස්තවාදය’ට විරුද්ධව වෙසක් මාසයේ කැඳ දන්සලකට උසාවි තහංචි

කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් දෙමළ හතරක් කූඩු කෙරේ

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil