ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු පදවියක් හිමිව තිබේ.



මෙලෙස විනිසුරු පදවියක් හිමිව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන අයේෂා නමැති තරුණියකටය.

ඒ අනුව ඇය එංගලන්තයේ විනිසුරුවරියක වූ සුදු ජාතික නොවන ලාබාලතම කාන්තාවයි.

එසේම කුමන හෝ ජන වර්ගයක තුන්වන ලාබාලතම විනිසුරුවරිය වන්නේද අයේෂා මහත්මියයි.

මේ අතර ඇයගේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ ඇය විශේෂඥ වෛද්‍යවරියකද වීමය.

ඇය 14 හැවිරිදි වියේදී ශ්‍රී ලංකාවේ සිට එංගලන්තය බලා සංක්‍රමණය වී ඇත.

අනතුර ඇය එංගලන්තයේ ලීඩ්ස් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හදාරා ඇත.

අනතුරුව ඇය හැරොගේට් හි විශේෂඥ වෛද්‍යවරියක ලෙසද කටයුතු කර තිබේ.

අනතුරුව ඇය ලීඩ්ස් සරසවියේම නීතිවේදය හැදෑරීමට පියවර ගෙන ඇත.

පසුව ඇය බැරිස්ටර්වරියක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස විනිසුරුවරියක ලෙස පත්වීම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය දක්ෂතාවය පිළිබඳව අදහස් දක්වමින් ඇය මාධ්‍ය වෙත පවසා ඇත්තේ වර්ගය, ජාතිය, වර්ණය සහ වයස කරුණු සාර්ථකත්වය සඳහා කිසිදු බලපෑමක් සිදුනොකරන බවය.

Pioneering young Harrogate barrister appointed judge

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්