leader s

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු නව දෙනකුට යොමු කරන ලද ලිපිය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව

තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවට එකතුවීම පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවකට අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවටත්, විනය පරීක්ෂණයක් කරන බවටත් දැනුම් දෙමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මාස කීපයකට පෙර ලිපියක් නිකුත් කළ බව ද මධ්‍යම කාරක සභාව පෙරේදා රැස්වී අත්හිටුවීමට තීරණය කළේ එම ලිපිය බව ද ඔහු පැවසීය.

එම ලිපිය අත්හිටුවීමට තීරණය කළේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් සිවිල් අභියාචනාධිකරණයේ පවරන ලද නඩුවකට ලැබී ඇති තීන්දුව හා සාමාජිකත්වය අත්හිටුවන ලද අනෙකුත් අය විසින් එවන ලද ලිපියක් පදනම් කරගනිමින් බව ද ඔහු කීවේය.

එම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අලු‍තෙන් එකතු කරන ලද සංශෝධන පදනම් කරගනිමින් බව ද නිමල් සිරිපාල ද සිල්වා අභියෝගයට ලක් කර ඇත්තේ එම කරුණු බව ද කී මහලේකම්වරයා, ඒ නිසා මෙම ලිපිය අත්හිටුවීමට තීරණය කළ බව ද පැවසීය.

එහෙත් පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවත් සමග එකතුවීම පිළිබඳව ඔවුන්ට තිබෙන චෝදනා අහෝසි නොවන බව ද මහලේකම් ජයසේකර පැවසීය. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේ දී තීරණය කරන බව ද ඔහු සඳහන් කළේය.


(lankadeepa.lk) 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්