ඉතිහාසයේ ඕනෑම රාජ්‍යයක් තුල වාමාංශික දේශපාලන භීෂණය ක්‍රියාත්මක වූයේ, ජනතාව මුලුමනින්ම ධනේශ්වර දෘෂ්ටිවාදී නින්දේ ගිලී ඇති යුගයකය.



මෙවැනි යුගයක ඔවුන්ව යළි අවදි කළ හැක්කේ 'විමුක්ති දේශපාලනය' පදනම් කරගත් සෘජු ප්‍රචණ්ඩත්වයේ අමු යථාර්තය තුල වැඩ කරන කශේරුකාවක් සහිත ඇත්ත වාම ක්‍රියාකාරීත්වයකට පමණක් යැයි ලියා තැබීම වෙස් මුහුණු බැඳ දෙබිඩි දේශපාලනයක නිරත සමාජයක සිටින අපට ඉතාම වැදගත් බව 'we team' මගින් ප්‍රකාශයට පත් කරන 'Leftwin' වෙබ් සඟරාව අවධාරණය කරයි.

අද වමේ ප්‍රධාන වචනය ප්‍රතිරෝධය නොව ඔරොත්තු දීමේ හැකියාව වීම පුදුමයක් නොවන බවත්, මිනිසුන් තලා දැමීම හෝ මරා දැමීම විඳදරාගැනීමට වම ඉගෙනගත යුතු යැයි කරන ධනවාදයේ බලපෑම හමුවේ, වම ඉගෙන ගනිමින් සිටින්නේ සටන් කිරීමට වඩා සියල්ල විඳදරා ගැනීමට බවත්, පවසන ඔව්හු, ඇත්ටම අවශ්‍ය වෙනස, දේශපාලන ප්‍රතිසංස්කරනයක් නොව නිෂ්පාදන සමාජ සම්බන්ධතාවල පරිවර්තනයක් බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලට වඩා නිශ්චිතවම විප්ලවවාදී පන්ති අරගලයට ඇතුළත් වැඩ කොටසක් බවද අවධාරණය කරති.

 

"ඔබ කළ යුතු දේ වෙනත් කෙනෙකු පවසන තෙක් හෝ කරන තෙක් බලා නොසිටින්න, ඔබට කැරලි ගැසීමට අයිතියක් ඇත! එබැවින් ඔබ ගැන සිතා ක්‍රියා කරන්න, සංස්කෘතික ධාතූන් විනාශ කරන්න, ඒ මග යන ඔබේ වැඩිහිටියන් පමණක් නොව ඔබේ පක්ෂ නිලධාරීන් ද හෙළා දකින්න, පහර දෙන්න! මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කිරීමට සංවිධානය වන්න!" යනුවෙන් මාඕ සේතුංගේ වැකියක් උපුටා දක්වමින්, We Team වමේ නිද්‍රාශීලීභාවයට වැරෙන් පහර දෙයි. 

 

ආණ්ඩුවේ මර්දන පණත්වලට වමේ මුහුණ දීම ගැන, ජනතාවාදය හා ජනප්‍රියවාදය පදනම් කරගත්  චීනයේ, වෙනිසිවුලාවේ වමේ ගමන ගැන හා ආර්ථික අර්බුදය ග්‍රීසියේ ශිරිසා හා ස්පාඤ්ඤයේ පොඩෙමෝස් වැනි ව්‍යාපාරවල අත්දැකීම් හරහා තේරුම් ගැනීමට මෙවර Leftwin වෙබ් සඟරාව වෙර දරයි.


ලිගුව ක්ලික් කිරීමෙන් ඔබට Leftwin වෙබ් සඟරාවට පිවිසිය හැකිය.


සබැඳි ලිපියක් :

ත්‍රස්ත විරෝධී පණතට වම මුහුණදීම - (Leftwin)



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්