leader s

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ඊට අනුකූලව ඉදිරියට වැඩ කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති වික්‍රමසිංහ පැවසීය.

කාරක සභා සහ උපදේශක සභා වල රීති එම සභා තුළ රැස්වන මන්ත්‍රීතුවරුන්ගේ සාකච්ඡාවෙන් තීන්දු කළ යුතු බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (07) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීය.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

image 5d10dc6a96image 506e3d2617
''මා කෙරෙහි විශ්වාසය තැබූ සෑමදෙනාටම ස්තූතියි''


මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා නිවේදනයක් නිකුත්කරමින් තමා කෙරෙහි විශ්වාසය තැබූ සෑමදෙනාටම ස්තුතිය පලකරන බව කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

'' දැඩි සටනකින් පසුව නැවතත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතීත්වය මාහට හිමිවුණා. මා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කළ සෘජු ප්‍රශ්න කිරීම් සහ දැඩි මැදිහත්වීම් නිසා යළි ඒ තනතුරට මා පත්වීම වැලැක්වීමට සමහරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තා. කෙසේවෙතත්, විපක්ෂය වෙත මේ තනතුර හිමිකර ගැනීමට සමගි ජන බලවේගය දැඩි සටනක් ගෙනගිය අතර ඒ සඳහා විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සෘජුවම මැදිහත් වුණා.
අවසානයේ ජනාධිපතිවරයා විසින්ම ඒ තනතුර සඳහා යළි මගේ නම යෝජනා කළා. මා කෙරෙහි විශ්වාසය තැබූ සෑමදෙනාටම මා ස්තූතිවන්ත වන අතර ඉදිරියටත් රට වෙනුවෙන් සෘජුව සහ අවංකව මාගේ සේවය මෙම කාරක සභාවේදී ලබාදීමට මා කැප වෙනවා. 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්