රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු බලතල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ වැට් බදු සංශෝධන පනත්

කෙටුම්පතක් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල පාර්ලිමේන්තුවට පැවරීම සඳහා 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (වැට්) පනත සංශෝධනය කිරීම සඳහා වූ පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඔහු විසින් ඊයේ (ජුනි 09) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

මුදල් අමාත්‍යවරයා විසින් වැට් බදු සම්බන්ධයෙන් කරනු ලබන ඕනෑම නියෝගයක්/ රෙගුලාසියක් මින් මතුවට බලාත්මක විය යුත්තේ පාර්ලිමේන්තුව විසින්  අදාළ රෙගුලාසිය අනුමත කිරීමෙන් පසු බව නව පනත් කෙටුම්පත යෝජනා කරයි.

මේ වන විට මුදල් අමාත්‍යවරයාට එක රැයකින් ගැසට් නිවේදන හරහා වැට් බද්ද පැනවීමට, ඉවත් කිරීමට, වැඩි කිරීමට හෝ අඩු කිරීමට බලතල තිබේ. එම ගැසට් පත්‍රයට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වන්නේ මාස තුනකට පසුවයි. අතීතයේ දී මෙම ක්‍රමය පාලක ප්‍රභූන්ට සහය වන ඇතැම් පුද්ගලයන්ට සහ සමාගම්වලට අනුග්‍රහය දැක්වීම හරහා දූෂණවලට මග පෑදී තිබිණි.

2019 මැතිවරණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කිරීමෙන් රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක් රටට  අහිමි කරවන ලදී.

ඉරාන් වික්‍රමරත්න ගේ යෝජනාව ස්ථිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයස්කර කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ පූර්ණ බලය හිමි පාර්ලිමේන්තුව නොසලකා හරිමින් මීට පෙර රටේ ජනාධිපතිවරුන් සහ මුදල් අමාත්‍යවරුන් මුල්‍ය තීරණ ගත් බැවින් මෙම සංශෝධනය වැදගත් නීතියක් බවයි. මෙම යෝජනාව මගින් විධායකයේ  ක්‍රියාවන් සම්බන්ධයෙන් සංවරණය හා  තුලණාත්මක ලෙස  Check and Balance පිරික්සීම  සහතික කරමින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සතු බලතල නැවත ලබා දෙන බව ඔහු පැවසීය.

 cfyhedrtert

 0001E

 

 0002E

 0003E

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්