කංසා (ත්‍රෛලෝක විජයපත්‍ර)  වගාකිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලයෙන් ද

අවසර ලබාගැනීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, එම නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

කංසා වගාව සඳහා ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ දේශීය ආයෝජකයින්ගෙන් ද ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි ඔහු පැවසුවේ ය.

මේ අතර අපනයනය සඳහා පමණක් කංසා පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තාවේ.

ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින භූමියක හෝ එවැනි භුමියක් නොමැති නම් රජයට අයත් භූමියක් ආයෝජන මණ්ඩලය වෙත පවරා ත්‍රෛලෝක විජය පත්‍ර වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටද රජය පියවර ගනු ඇතැයි ද සඳහන් වේ.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්