ගුරුවරයකුට තමන් කැමැති ජාතික පාසලකට ස්ථාන මාරුවක් ලබා දීම සඳහා

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු විෂය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගුරුවරයකුගෙන් එළුවන් දෙදෙනකු අල්ලස් ලෙස ඉල්ලා ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් පවසයි.

ඔහු එබව කියා සිටියේ පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කීවේ අදාළ ගුරුවරයා මේ බව තමන්ට සියලු නම් ගම් සහිතව ලිඛිතවම පැමිණිලි කර ඇති බවයි.

මෙලෙස ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ස්ථාන මාරු ලබා දීම සඳහා ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලන අධ්‍යක්ෂවරුන් ගැන වහා පියවරක් ගන්නා ලෙසද මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය. ගුරු මාරුවක් එළුවන් දෙදෙනකුට හිලව් කිරීම වැනි හාස්‍යජනක නින්දා සහගත අල්ලස් ගැනීම් වහා නතර කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අධ්‍යාපන ඇමතිවරයා පවසා ඇත්තේ, තමා වහාම ඒ සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්න්න බවයි.

මේ සම්බන්ධයෙන් වූ විශේෂාංගයක් 'ලීඩර් TV- ඇත්ත First' මිට දින කිහිපයකට පෙර වාර්තාකර ඇත්තේ මෙසේය
 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්