පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි,

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

ඔහු එබව සඳහන් කළේ, පළාත් පාලන විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති, රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී එම යෝජනාව ඉදිරිපත් වූ බවයි.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට සහභාගි වූ  මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු අදාළ යෝජනාව ඉදිරිපත් කළ බවයි.



පලාත්පාලන මැතිවරණයට බාර දී තිබෙන නාම යෝජනා අවලංගු කරලා, නව කෝට්ටාශ ක්‍රමය යටතේ ඡන්දය යලි කැඳවන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එහිදී යෝජනාකර ඇති අතර යෝජනාව ස්ථිර කර ඇත්තේ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එක්වූ ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාය. ඒ මොහොතේ  උපදේශක කාරක සභාවට සහභාගිවී  සිටි පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රිවරුන් ඊට සිය එකඟතාව පල කර ඇත.



ඔවුන් පෙන්වා දී ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබුණත් දිගින් දිගටම මැතිවරණය කල් යාම තුළ පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි, මෙහිදී ඉල්ලිම් ඉදිරිපත් වී  ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ, එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිය අමාත්‍යාංශය හෝ ආණ්ඩුව මෙතෙක් කිසිදු  අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. එය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් වූ පුවතක් 'ලීඩර් TV- ඇත්ත First'  වාර්තාකර ඇත්තේ මෙසේය. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්