හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස ලබන සතිය තුළ දී ජනාධිපති ඉදිරියේ දිව්රුම්දීමට නියමිතය.


සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරි කළ ටිකිරි කොබ්බැකඩුව ඊයේ (10) ඉල්ලා අස්විය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සඳහන් කළේ අලුත් පත්වීම බොහෝදුරට ලබන අඟහරුවාදා දිනයේ සිදුවනු ඇති බවයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන එබව සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත්කිරීම ජනාධිපතිවරයාගේ යුරෝපා සංචාරයෙන් පසුව සිදුකිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුකාර ධුර සංශෝධන සම්බන්ධයෙන් වූ විශේෂ පුවත් විශේෂාංගයක්  'ලීඩර් TV- ඇත්ත First'  පසුගියදා වාර්තාකර ඇත්තේ මෙසේය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්