leader s

මෙරට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍රවලින් 10ක් මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ, තවත් රෝහල් 3ක CT ස්කෑන් යන්ත්‍රවලින් උපරිම ධාරිතාව ලබාගත නොහැකි බවය.

දැනට රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර සංඛ්‍යාව 43 කි.

CT ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ, රජයේ රෝහල් සතුව එම්.ආර්.අයි. යන්ත්‍ර 13ක් පවතින අතර දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනුයේ යන්ත්‍ර 11ක් බවයි.


වෛද්‍ය උපකරණ අලුත්වැඩියාවට මිල දී ගැනීමට කෝටි 400ක්



 මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල පැවසුයේ, රෝහල්වල අලුත්වැඩියා කළ යුතු වෛද්‍ය උපකරණ, අලුත්වැඩියාවට සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට රුපියල් බිලියන 4ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට දීමට රජයේ අනුමැතිය ලැබී ඇති බවයි.

අනුරාධපුර ශික්ෂණ රෝහල, අපේක්ෂා රෝහල, මහනුවර ශික්ෂණ රෝහල යනාදි රෝහල් ගණනාවක එම්.ආර්.අයි. යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ අක්‍රීයව ඇති අතර ඒවා අලුත්වැඩියාවට මෙම මුදල් යොදාගැනීමට නියමිත බවද ඔහු පැවසිය.

ඇමැතිවරයා එබව කියා සිටියේ, තුම්පනේ ප්‍රාදේශීය සභා කමිටු සම්බන්ධීකරණ වැඩසටහනේදීය.

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්