වෛද්‍ය විද්‍යාව උඩු යටිකුරු කරමින් පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට

අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් සමත් වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

දරු පිළිසිඳ ගැනීමට වෛද්‍ය පිළිගැනීමට අභියෝගට ලක් කරමින් ඩිම්බ සෛල සහ ශුක්‍රාණු සෛල නොමැතිව සිදු කර ඇති මේ කෘත්‍රිම මානව කලලය වෛද්‍ය ඉතිහාසයේ පෙරළිකාර සොයා ගැනීමක් බව ද වාර්තා වේ.

ප්‍රාථමික මට්ටමේ පවතින මේ කෘත්‍රිම මානව කලලයට ස්පන්දනය වන හදවතක් සහ මොළයක් නැති බවත්, එය ජානමය රෝග සහ ගබ්සා වීම්වලට හේතු සොයා ගැනීමට අනාගතයේදී ඉවහල් වනු ඇති බවත් එම පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

නෛතික හා සදාචාරාත්මක ගැටලු මතු කරන මේ පර්යේෂණය ජීව විද්‍යා විශේෂඥවරුන් තැති ගන්වන ආකාරයේ හෙළිදරව්වක් බව ද සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වුවද මේ සොයා ගැනීමත් සමඟ අනාගතයේදී මෙවැනි කෘත්‍රිම මානව කලල නිර්මාණය කිරීම සහ භාවිත කිරීම සම්බන්ධව නීති රෙගුලාසිවල අවශ්‍යතාවක් ද මතු වී ඇතැයි වාර්තා වේ.

පසුගියදා බොස්ටන් හි පැවැති ප්‍රාථමික සෛල පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ වාර්ෂික රැස්වීමේදී එම පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබිණි.

(carbonnews.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්