ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය එක්සත් අරාබී එමීර් කණ්ඩායමට සමඟ අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.
බී කාණ්ඩය යටතේ බුලවායෝ හි පැවැත්වෙන තරඟය මෙරට වේලාවන් පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතය.
එමෙන්ම අයර්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරඟය ද අද පැවැත්වීමට නියමිත බව සඳහන්ය.
සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ මෙවර තරග වටය සඳහා කාණ්ඩ 02ක් යටතේ කණ්ඩායම් 10ක් ඉදිරිපත්ව සිටින අතර එහි තරග ජූලි මස 09 වනදා දක්වා පැවැත්වෙනු ඇත.
මෙම තරගාවලියේ ඊයේ පැවති පළමු තරගයේදි නේපාල කණ්ඩායම කඩුළු 8 කින් පරාජය කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
ඊයේ පැවති දෙවන තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය අත්කර ගනු ලැබිය. ඒ, අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම ලකුණු 39කින් පරාජය කරමිනි.
සබැඳි පුවත් :
ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබිය හැකිවෙයි ද?







